Local NewsNewsPolitical

පෙනෙනවාට වඩා විනාශය විශාලයි; භාණ්ඩාගාරයෙන් පමණක් ගොඩ දාන්න බෑ – ජනපති

ගංවතුර හා නායයාම් හේතුවෙන් සිදුව ඇති විනාශය මතුපිටින් පෙනෙන තත්ත්වයට වඩා විශාල බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, එම ව්‍යසනයට මුහුණ දීමට භාණ්ඩාගාර මුදල්වලින් පමණක් නොහැකි බව අවධාරණය කළේය.

ආපදා තත්ත්වයෙන් පසු විනාශ වූ යටිතල පහසුකම් ගොඩනැඟීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශ ඒකාබද්ධ කරගත් මධ්‍ය කාලීන හා දිගුකාලීන වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇති බව ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පෞද්ගලික අංශයේ ආයෝජකයන් සමඟ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.

ප්‍රතිසංස්කරණ අරමුදලක් පිහිටුවයි

සියලු දෙනා දායක කර ගනිමින් අරමුදලක් ස්ථාපිත කිරීමටත්, එය කළමනාකරණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය සහිත රාජ්‍ය හා පෞද්ගලික අංශ ඒකාබද්ධ කළමනාකරණ කමිටුවක් පත් කිරීමටත් අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පැවසීය.

අරමුදල් සම්පාදනය කරන ආකාර:

  • දේශීය මූලාශ්‍ර.
  • විදේශගත ශ්‍රී ලාංකිකයන්.
  • විදෙස් රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන.
  • ව්‍යාපාරික සංගම්.

ආපදා හේතුවෙන් නිවාස, කුඹුරු, මාර්ග, පාලම්, පාසල් සහ විදුලි කණු පවා බිඳ වැටී ඇති බවත්, නායයාම් නිසා විනාශ වූ මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම විශාල අභියෝගයක් බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ලෝක බැංකු සහාය:

හානිය තක්සේරු කිරීමට සහ ප්‍රතිපාදන ඇස්තමේන්තු කිරීමට රජය ලෝක බැංකුව සමඟ සාකච්ඡා කර ඇති අතර, හානිය පිළිබඳ ගෝලීය වේගවත් පශ්චාත් ආපදා තක්සේරුව (Global Rapid post-disaster Damage Estimation – GRADE) සකස් කිරීමට දැනටමත් ලෝක බැංකුවට භාර දී ඇත. මෙම වාර්තාව සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ ලබා ගැනීමට රජය අපේක්ෂා කරයි.

මෙම සාකච්ඡාවට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, පෞද්ගලික අංශයේ ප්‍රධානීන් වන මොහාන් පණ්ඩිතගේ (හේලිස් සමූහය), ක්‍රිෂාන් බාලේන්ද්‍රන් (ජොන් කීල්ස්) සහ ආචාර්ය පරාක්‍රම දිසානායක (එයිට්කන් ස්පෙන්ස්) ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Related posts

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලුව සම්බන්ධයෙන් රහස් පොලිසිය සහ බුද්ධි අංශ විමර්ශන අරඹයි

Maimoonar

වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි

Maimoonar

2025 අයවැය හිගයට මිලියන 700ක් IMF ණය ඉල්ලයි.. නොලැබුනොත් එසැනින් බංකොලොත්…

Maimoonar