Local NewsNews

‘ආර්නැබ්’ චක්‍රවාතයේ බලපෑමෙන් ප්‍රදේශ රැසකට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි සහ තද සුළං

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති “ආර්නැබ්” (Arnab) චක්‍රවාතය ‘දැඩි ප්‍රචණ්ඩ චක්‍රවාතයක්’ (Very Severe Cyclonic Storm) බවට පත්ව ඇති අතර, එය අද (27) අලුයම 2.30 වන විට කන්කසන්තුරයට කිලෝමීටර් 890ක් පමණ ඊසාන දෙසින්, උතුරු අක්ෂාංශ 15.9° සහ නැගෙනහිර දේශාංශ 85.4° ආසන්නයේ ස්ථානගතව තිබූ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එය අද පස්වරු 5.30 දක්වා බටහිර-වයඹ දෙසටත්, ඉන් අනතුරුව වයඹ දෙසටත් ගමන් කරමින් හෙට (28) පෙ his 11.30 වන විට දැඩි ප්‍රචණ්ඩ චක්‍රවාතයක් ලෙස ඉන්දියාවේ ආන්ධ්‍ර ප්‍රදේශ් වෙරළ තීරයෙන් ඉන්දියානු භූමියට කඩා වදිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම පද්ධතියෙන් ශ්‍රී ලංකාවට සෘජු බලපෑමක් නොමැති වුවද, ඊට අනුබද්ධ සුළං ධාරාව දිවයින හරහා ඇදී යාම හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටස්වල පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය අද දිනයේත් තවදුරටත් පැවැත්වෙනු ඇත.

බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, අදාළ ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වර්ෂාපතනයක් ඇතිවීමේ හැකියාවක් පවතී.

ඊට අමතරව, නැගෙනහිර පළාතේ ස්ථාන ස්වල්පයක පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40-50 පමණ දක්වා වූ තද සුළං ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Related posts

පොහොට්ටුවෙන් 80%ක් ඉන්නේ රනිල් එක්කයි..

Maimoonar

බේරුවල ගම් දෙකක් හුදකලා වෙයි

Maimoonar

රට පුරා සමුපකාර දිනන්න මාලිමා දැවැන්ත මෙහෙයුම්..

Maimoonar