28.9 C
Colombo
September 10, 2026
NewsPolitical

මහින්ද ඉවත් කලේ රට වෙනුවෙන්… 21 සංශෝධනය ගෙනාවේ මගේ කැමැත්තෙන්..- ජනපති

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම තම දේශපාලන ජීවිතයේ දී ගන්නා ලද අසීරුම තීන්දුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.

කෙසේ වෙතත් එම අසීරු තීන්දුව රට වෙනුවෙන් තමන් ගන්නා ලද්දේ රට වෙනුවෙන් බවත් හෙතෙම පවසා තිබේ.

ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුවේදීය.

21 වැනි ව්‍යස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන එන්නේ තම කැමැත්තට අනුව බවද පවසා ඇති ජනාධිපතිවරයා රටේ අනාගතය වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිසංස්කරණ කිරීමට තමන් සූදානම් බවද පවසා තිබේ.

නව අග්‍රාමාත්‍ය ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කළේ ඔහු කෙරෙහි ඇති විශ්වාසයෙන් බවද පවසා ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම විස්වාසය මත ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ද ඔහුට සහාය ලබාදෙන බව ද පවසා ඇත.

Related posts

ඉන්දු-ලංකා ගිවිසුම් හුවමාරු කෙරේ.. ගිවිසුම් මෙන්න..

Maimoonar

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් විමල් වීරවංශට සහ ස්වර්ණවාහිනියට එන්තරවාසි

Maimoonar

නුගේගොඩ පාර වසා විරෝධතා… මාදිවෙල මන්ත‍්‍රී නිවාසවලට දැඩි ආරක්‍ෂාවක්..

Maimoonar

5 comments

Comments are closed.