27.2 C
Colombo
September 10, 2026
Local NewsNews

කටුනායක කලාපේ මහා ජන රාශියක්.. දහස් ගාණක් එකතැන පොදිකති.. බස් යොදා ගෙදර යවයි…

ආයෝජන මණ්ඩලයට අයත් නිදහස් වෙළද කළාප වසා දැමීමට ගත් තීරණයට අනුව කටුනායක නිදහස් වෙළද කළාපයේ සේවයකළ ඇදිරි නීතිය සදහා බෝඩිං වල සිරවී සිටි සේවක සේවිකාවෝ ගම් බිම් වලට පිටත් කර හැරීමට අද (27) පියවර ගැනිණි.

කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි කටුනායක ආයෝජන මණ්ඩලය එම සේවක සේවිකාවන් නැවත නිවාසවලට පිටත් කර හැරීමට සියලු පහසුකම් සලසා තිබුණි.

සංඛ්‍යා ලේකණ අනුව කටුනායක ආයෝජන නිදහස් වෙළද කළාපයේ සේවක සේවිකාවන් සේවිකාවන් 1500ක පමණ ඇදිරි නීතය නිදා නිවෙස් වලට යාමට නොහැකිව බෝඩිං වල රැදී සිටියහ. ඔවුන් යැවීම සඳහා බස් රථ 80ක්, ආහාර පාන සලසා තිබූ අතර සෑම සේවක සේවිකාවක්ම වෙනම වෛද්‍ය පරීක්ෂණයට ලක් කෙරිණි. කෙසේ වෙතත් නිවෙස් වලට යාම සදහා 5000 අධික ප්‍රමාණයක් කටුනායක ආයෝජන මණ්ඩල භූමියට පැමිණි සිටිය අතර ඔවුන් බහුතරය නිදහස් වෙළද කළාපයේ සේවක සේවිකාවෝ නොවිනි.

කටුනායක අවට ව්‍යාපාරික ස්ථාන වල ඉදිකිරීම් ස්ථාන වල සේවය කරන ඇතැමුන්ද නිවෙස් වලට යාමට පැමිණ සිටියහ. මේ නිස ඇතැමුන් පැමිණ සිටියේ සිය දෙමාපියන්ද කැටුවය. ඇතැම් අය රූපවාහිනි යන්ත්‍ර, හාල් මලු රැගෙන විත් තිබුණි. මේ නිසා ආයෝජන මණ්ඩලය මෙන්ම ආරක්ෂක අංශ සෞඛ්‍ය අංශ බරපතල දුෂ්කරතාවයකට පත්වුණි. මේ බව ඇමති ප්‍රසන්න රණතුංග මහතාට දැනුම් දුන් පසු ඇමතිවරයා ප්‍රවාහන අමාත්‍යංශය හරහා ලංගම බස් රථ 150 කඩිනමින් ලබා දීමට කටයුතු කළේය. සෞඛ්‍ය අමාත්‍යංශය හරහා අවශ්‍ය තරම් සෞඛ්‍ය කණ්ඩායම් එවීමටද කටයුතු කෙරිණි. අ

නතුරුව පැමිණි සිටි සියළු දෙනා ඔවුන්ගේ ගම් බිම් වලට යැවීමට කටයුතු කෙරුණ අතර ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂක ඩී.එන්. එම්. ලෝරන්ස් මහතා සදහන් කළේ පිටත්කර යවන සියළුම දෙනා අදාල නගර වල ආසන්නතම පොලිස් ස්ථාන වලට භාර දීමට කටයුතු කළ බවයි.

ඔවුන් මෙම නිවෙස් වලට යෑවීමේ වගකීම අදාල පොලිස් ස්ථාන වෙත පවරා තිබුණි. පිටව යන සිටළු දෙනා පූර්ණ සෞඛ්‍ය පරීක්ෂාවකට ලක්කෙරුණ අතර මීට පෙර සාමාන්‍ය උණ වැලදී තීබූ කිහිප දෙනෙකුට මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් අදාල උපදෙස් ලබා දුන්නේය.

ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂක වරයා සදහන් කළේ නිවෙස් බලා පැයාමට පැමිණි බහුතරය නිදහස් වෙළධ කළාපයේ සේවක සේවිකාවෙන් නොවෙන බවයි. එහෙත් පැමිණි සියළු දෙනා නිවෙස් වලට යැවීමේ අරමුණින් යොදවා තිබූ පහසුකම් වැඩි කර ඔවුන් ගම් බිම් වලට පිටත් කර යැවූ බවද ඔහු සදහන් කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ලුණු කිලෝවකට රුපියල් 40ක බද්දක්…

Maimoonar

විදේශ සංචිත පහල වැටේ..

Maimoonar

අරගලයෙන් පසු සනත්ට තනතුරක්… සංචාරක සන්නාම තානාපති වෙයි…

Maimoonar

2 comments

Comments are closed.