30.4 C
Colombo
October 8, 2026
NewsPolitical

ශ‍්‍රීලනිපය රටේ ප‍්‍රශ්ණය ඇපයට ගෙන ගෙදර ප‍්‍රශ්ණයක් බේරන්න යයි.. ජනපතිගේ සාකච්චාවට කොන්දේසි..

ජනාධිපතිවරයා විසින් කැඳවා ඇති අන්තර්කාලීන ආණ්ඩුව පිළිබඳ සාකච්ඡාවට සහභාගි වන්නේ නම් ඊට පෙර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය ධුර ලබාගත් ශාන්ත බණ්ඩාර සහ සුරේන් රාඝවන් යන අය එම ධූරවලින් ඉවත් විය යුතු බවට වන කොන්දේසියක් පිලිබදව සාකච්ඡා වී තිබේ.

පක්ෂ නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවකදී මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා කැඳවා ඇති සාකච්ඡාවකට සහභාගි වීම පිළිබඳව අද දිනය ඇතුළත අවසන් තීරණයක් ගන්නා බව පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

අද පස්වරුවේ එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර ආණ්ඩුවේ ස්වාධීන වූ සෙසු පක්ෂ මේ වන විටත් ජනාධිපතිවරයා කැදවා ඇති සාකච්ඡාවට සහභාගි වීම සඳහා එකඟතාවය පළ කර ඇත.

Related posts

78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සුබපැතුම් පණිවිඩය

Maimoonar

සිම්බාබ්වේ සාර්ථක ආරම්භයක

Maimoonar

තවත් ප‍්‍රදේශ ගණනක් ලොක්ඩවුන්… ලයිස්තුව මෙන්න…

Maimoonar

86 comments

Comments are closed.