Local NewsNews

බන්ධනාගාරවල කොරෝනා පැතිරීමේ අවදානමක්….

දිවයිනේ රක්ෂිත බන්ධනාගාරවලට කොරෝනා වෛරසය ඇතුළුවීමේ අවදානම් තත්ත්වයක් ඇති බවත් ඒවායේ සිටින රැඳවූවන්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වල අයට එයට මුහුණ දීමට සිදුවී තිබෙන බව වාර්තා වෙයි.

මෙයට ප්‍රධාන හේතුව වන්නේ 610 රැඳවූවන් සංඛ්‍යාවක් රැඳවිය හැකි බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ එම සංඛ්‍යාව දැනටමත් 1800 – 1900 අතර පැවැතීමය. කොළඹ බොරැල්ලේ තත්ත්වය මෙසේ නම්, රටේ අනෙකුත් රක්ෂිත බන්ධනාගාරවල තත්ත්වය කෙසේදැයි වටහා ගැනීම අපහසු නොවේ.

මෙම රෝගකාරක විෂබීජ වළක්වා ගත හැකි එක් පියවරක් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිරන්තරයෙන් කියා සිටින්නේ ජනාකීර්ණව සිටීමෙන් වැළකී සිටීම මෙන්ම කිවිසුම්වලදී ඉතා ප්‍රවේශම් විය යුතු බවය. එහෙත්, සිටිය යුතු සංඛ්‍යාවට වඩා තුන් හතර ගුණයක සංඛ්‍යාවක් රැඳවූවන් සිටින තැනක මෙම සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නේ කෙසේද යන්න ගැටලුවකි.

මෙසේ රක්ෂිත බන්ධනාගාරවල රැඳවූවන් රඳවාගෙන සිටීමට හේතුව වන්නේ ඔවුන් ඇප මත නිදහස් කිරීමේදී අදාළ පොලිස් වාර්තා මෙන්ම, නීතිපති දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව ඇප මත නිදහස් කිරීම සඳහා සුදුසුකම් ලබා සිටින රැඳවූවන් විශාල සංඛ්‍යාවක් නිදහස් කිරීම, දිගින් දිගටම මහෙස්ත්‍රාත් අධිකරණයේදී කල් දැමීම නිසා නිසා යැයි දැන ගැනීමට ඇත.

මේ වන විට රාජ්‍ය ආයතන මෙන්ම, පෞද්ගලික ආයතන, මාර්තු මස 21 වැනි දින සිට වසා දමා මුළු දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරිනීතියද පනවා තිබේ. කොරෝනා වෛරසය පැතිරීමේ අවදානම අනුව රාජ්‍ය ආයතන සේම පෞද්ගලික ආයතන වසා දැමීමේ කාලය ඉදිරියේදී තවදුරටත් දීර්ඝ කිරීමට සිදුවනු විය හැකිය.

මෙයට විසඳුමක් වශයෙන් ගතයුතු ක්‍රියා මාර්ග පිළිබඳ වාර්තාවක් බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් අධිකරණ අමාත්‍යාංශයට, අධිකරණ සේවා කොමිෂන් සභාවට සහ අගවිනිසුරුට දන්වා තිබෙන බව දැන ගැනීමට තිබේ.

අප්‍රේල් මාසයේ විනිසුරුවරුන්ට ලැබෙන නිවාඩුව මත නඩු ශාලාද වසා තැබෙන්නේය. එවිට මෙම තත්ත්වය තවත් බරපතළ වනු නියතය. මීට ප්‍රතිකර්මයක් කඩිනමින් නොයෙදුවහොත් අධිකරණයේ නිවාඩුව අවසන් වන විට ලංකාවේ රක්ෂිත බන්ධනාගාර සියල්ලක්ම කාරෝනා ආසාදනයට ගොදුරු වුණු රැඳවූවන්ගේ ආසාදන රෝහල් බවට පත්වනු නියතය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

නායකයා තරගය දිනවයි.. ලෝක ශූරයන් පරදවයි..

Maimoonar

MCC වෙන පාරකින්.. නීති වෙනස් කරලා.. පත්තර දැන්වීම් දමලා..

Maimoonar

ජපානයට ඇමරිකාවෙන් ආසියාවේ විශාලතම බදු සහනයක් – නව වෙළඳ ගිවිසුමකට ට්‍රම්ප් අත්සන් කරයි

Maimoonar

2 comments

Comments are closed.