27.2 C
Colombo
October 8, 2026
BusinessBusiness NewsNews

යූරියා මිටියක් හතලිස්දාහයි.. කිලෝව අටසීයයි..

පොහොර අලෙවි කරන ඇතැම් වෙළඳසැල් වල යූරියා කිලෝ 50ක මිටියක් රුපියල් හතලිස් දහසකට අලෙවි කිරීමට සිදුව තිබේ.

පොහොර අලෙවිකරුවන් සඳහන් කරන්නේ පොහොර ආනයනය කරන පෞද්ගලික සමාගම් මෙම මිල නියම කිරීම සිදුකර ඇති බවයි.

පොහොර ලැබෙන්නේ ඉතා සීමිත ප්‍රමාණයක් බවත් ඒවා ඉතා ඉහළ මිල ගණන්වලට අලෙවි කිරීමට සිදුව ඇති බවත් ඔවුන් කියා සිටී.

එමෙන්ම පොහොර සමාගම් විසින් පොහොර ලබාදීම සිදුකරන්නේ අත්පිට මුදලට පමණක් බවද අලෙවිකරුවන් කියති.

ඒ අනුව දැනට පවතින මිල යටතේ යූරියා කිලෝ එකක මිල රුපියල් අටසීයක් පමණ වෙයි.

Related posts

රජයේ වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා පර්යන්ත රෝහල්වල ඒකක 164ක් අකර්මණ්‍ය වෙයි

Maimoonar

රනිල් ආ පසු රුපියල ශක්තිමත් වෙයි.. ඩොලරය බහී..

Maimoonar

අමෙරිකානු දේශපාලනයේ සාමකාමී බල හුවමාරුව

Maimoonar