BusinessBusiness NewsNews

ළූණු මිල යළිත් ඉහළ යාමේ ඉඩක්

ළූණු මිල නැවත වරක් ඉහළ යමින් තිබෙනවා. සැපයුම අඩුවී තිබීම නිසා ළූණු මිල මෙලෙස ඉහළ යන බවයි නෙත් නිවුස් ඒ පිළිබඳ කළ සොයා බැලීමකදී පෙනී ගියේ.

ඉන්දියාව ළූණු අපනයනය තහනම් කිරීම නිසා ඉකුත් වසර අග භාගයේ සිට ශ‍්‍රී ලංකාවේ වෙළඳපලට ළූණු සැපයමු අඩුවුණා. මේ නිසා ළූණු මිල ද ඉහළ ගිය අතර අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන් එහිදී උත්සහ කළේ විකල්ප සැපයුම්කරුවන් සොයා ගැනීමටයි.  

ඒ අනුව පකිස්තානය, තුර්කිය සහ නෙදර්ලන්තය වැනි රටවලින් ළූණු ආනයනය ආරම්භ වුණා. එහෙත්, තුර්කිය සහ නෙදර්ලන්තය වැනි රටවලින් ආනයනය කළ ළූණු වලට ශ‍්‍රී ලාංකික පාරිභෝගිකයින් කැමැත්තක් නොදක්වන බවයි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන් පෙන්වා දෙන්නේ.

ඒ නිසා එම රටවලින් තවදුරටත් ළූණු ආනයනය කිරීමට ආනයනකරුවන් අධෛර්ය වී තිබෙන බව ද ප‍්‍රකාශ කෙරුණා. වෙළඳපලෙහි ළූණු සැපයුම නැවත අඩුවී තිබෙන්නේ ද ඒ නිසා බවයි නෙත් නිවුස් කළ සොයා බැලීමේදී පෙනී ගියේ.

ඇතිවිය හැකි ළූණු හිගය පියවා ගැනීම සඳහා රජය මැදිහත්වී ඉන්දියාවෙන් ළුූණු මිලදි ගැනීමට හැකි ඉක්මනින් අවස්ථාව උදාකර ගත යුතු බව තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අතවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළඳුන්ගේ සංගමය කියා සිටි‍යේ.


(under the courtesy of nethnews.lk news web)

Related posts

මුස්ලිම් ජනගහනය 5000 ඉක්මවන ප‍්‍රා.ලේ. කොට්ඨාශවලට වෙනම මුස්ලිම් මරණ පරීක්‍ෂකවරයෙක්..

Maimoonar

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ දිනකට කෙසෙල් කිලෝ 500කට අධික ප්‍රමාණයක් අපතේ යයි

Maimoonar

ගාළු කොටුවේ විරෝධතා විසුරුවේ පිතිකරුවන්ට බාධා වන නිසා…- Army

Maimoonar

460 comments

Comments are closed.