October 31, 2026
Local NewsNews

හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවාවන් 24ක් සේවයෙන් ඉවත් වී විරෝධතාවක

රට පුරා සියලු රෝහල්වල හෙද හෙදියන් අද දහවල් 12 සිට 12.30 දක්වා වූ පැය භාගයක කාලයක් සේවයෙන් බැහැර වී නිහඬ උද්ඝෝෂණයක් සිදු කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරන්නේ රෝගීන් වෙනුවෙන් නිසි ලෙස ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් දෙන ලෙස ඉල්ලමින් මෙම නිහඬ උද්ඝෝෂණය සිදුකරන බවය. හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 24ක් මෙම විරෝධතාවයට එකතු වන බවද කී ඔහු මීට සමගාමීව හෙට දිනයේ ප‍්‍රධාන රෝහල් 09ක පෙරවරු 07.00 සිට දවල් 12.00 දක්වා පැය 5 ක් සේවයෙන් බැහැර වී විරෝධය පළ කරන බවද කියා සිටියේය. එසේ නමුත් මෙහිදී කොරෝනා වාට්ටුවල ප්‍රතිකාර කටයුතු වලින් ඉවත් වීමක් සිදු නොවන බවද ඔහු කියා සිටියේය.

Related posts

මෙරට එන්නත්වල කෙරුවාව මෙන්න.. ඩෙල්ටා ප‍්‍රභේදයට ආරක්‍ෂාව 33%යි..

Maimoonar

ගැස් සහ භුමිතෙල් නැතිව දර සොයා රක්ෂිතයට ගිය තිදරු පියෙක් ජිවිතක්ෂයට….

Maimoonar

ලසන්ත වික‍්‍රමතුංගගේ බිරිදට ආණ්ඩුවෙන් ඉහල තනතුරක්…

Maimoonar

7 comments

Comments are closed.