Local NewsNews

පොලිසිය අසලම තිබූ මත්පැන් අලෙවිසැල කඩා මත්පැන් බෝතල් සොරාගෙන යයි…

හැටන් දිඹුල පොලිස් වසමට අයත් කොටගල නගරයේ මත්පැන් අලෙවිසැලක් (04) දින අලුයම කඩා මත්පැන් බෝතල් රැගෙන ගොස් ඇති බව දිඹුල පොලිසිය පැවසිය.

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල දුම්රිය හරස් ගෙට්ටුව සහ එම ස්ථානයේම පිහිටි පොලිස් මුරපොලේ සිට මිටර් 100 ක් නුදුරින් වු මත්පැන් අලෙවිසැලකුයි මෙසේ කඩා ඇත්තේ .

අලුයම 1.30 පමණ උඩරට දුම්රිය මාර්ගයේ කොටගල දුම්රිය ස්ථානයට පිවිසෙන අතුරු මාර්ගයකින් පැමිණි පිරිසක් මත්පැන් අලෙවිසැලේ ඉදිරිපස දොරේ ඉබි යතුරු කඩා දමා ඇතුල් වු පිරිසක් එහි තුල තිබු මත්පැන් බෝතල් කිහිපයක් සොරාගෙන ගොස් ඇති බවයි පොලිසිය කියා සිටියේ.

මත්පැන් අලෙවිසැල තුල සොරාගන්නා ලද මත්පැන් බෝතල් ප්‍රමාණය මෙතෙක් ගණනය කර නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් දිඹුල පොලිසිය සහ හැටන් සුරාබදු කාර්යයාලයේ නිලධාරින් වෙන් වෙන් වශයෙන් පරික්ෂණ පවත්වයි.

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානම සමග මත්පැන් අලෙවිසැල් වසා දමා තිබියදි සහ ඇදිරි නිතිය පනවා තිබියදි කොටගල නගරයේ මිට ප්‍රථමද මත්පැන් අලෙවිසැලක් කිසියම් පිරිසක් විසින් කඩා මත්පැන් බෝතල් සොරාගෙන ගොස් තිබු අතර හැටන් පොලිස් අධිකාරි බල ප්‍රදේශයේ නොර්වුඩ් පුලියාවත්ත නගරයේ සහ හැටන් කාසල්රි ප්‍රදේශයේ මත්පැන් අලෙවිසැල් දෙකක්ද කඩා මත්පැන් බෝතල් රැගෙන ගොස් තිබුණි.

එම සොරකම් සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිමට අදාල පොලිස් ස්ථාන මෙතෙක් සමත් වි නැත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

තොරතුරු පොලිසියට ගන්න බෑ’ ෆේස් බුක් සමාගම කියයි

Maimoonar

තවත් 20ක් ඉවත් වෙයි..? ආණ්ඩුව 100ටත් පහලට බහී…

Maimoonar

රට විශාල අවදානමක.. කොරෝනා ඉවර නෑ..- චන්න

Maimoonar

1 comment

Comments are closed.