28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

එන වසර මැද ණය වාරික ඩොලර් බිලියන හයයි.. IMF ගියොත් ඩොලරය 240 සිමාවේ.. නොගියොත් 300 පනී..

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සමග එකඟතාවයට පැමිණීම හැර වෙනත් විකල්ප නැති බව එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවකට පැමිණියහොත් අනෙකුත් ජාත්‍යන්තර මුල්‍ය ආයතන වෙතින් ද ණය පහසුකම් ලබා ගැනීමට හැකිවනු ඇතැයිද ඔහු පැවසීය.

ජාත්‍යයන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කිරීම සෙසු මූල්‍ය ආයතනවලින් ණය ලබා ගැනීමට සහතිකයක් වනු ඇති බවද ඔහු පෙන්වා දෙයි.

එළැඹෙන වසර මැද භාගය වන විට ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 6 ක පමණ ණය මුදලක් ගෙවීමට ඇති නිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යාම හැර වෙනත් විකල්පයක් ශ්‍රී ලංකාවට නැතැයි ද ඔහු කියා සිටියි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවකට පැමිණියහොත් ඇමරිකානු ඩොලරයක් රුපියල් 240 සීමාවේ පමණ තබා ගත හැකි වනු ඇති බවත් එසේ නො කළහොත් ඩොලරය රුපියල් 300 පමණ ඉක්මවනු ඇති බවත් ඔහු තව දුරටත් පැවසීය.

ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රධානීන් සමග අන්තර්ජාලය ඔස්සේ පැවති සාකච්චාවකදීය.

Related posts

නැවත වරක් ත‍්‍රස්තවාදය මතු වුවහොත් ද්‍රවිඩ සන්ධානය ඊට වගකිව යුතුයි

Maimoonar

පුස් තර්ජනවලට මා බිය නෑ.. ‘පාස්ද ෆේල්ද..’ මනින හැටි කියයි..- ජාතිය අමතමින් ජනපති කල සම්පූර්ණ කතාව මෙන්න..

Maimoonar

මැතිවරණයට මුදල් දුන්නොත් යලිත් තෙල් පෝලිම්.. රජයේ පඩි ගෙවීම අවුලක..

Maimoonar

5 comments

Comments are closed.