February 12, 2026
Local NewsNews

වතු කම්කරු වැටුප් වැඩි කල නොහැකි බව වතු සමාගම් දැනුම් දෙති…

වසර 150 ක් ඉපැරණි මෙරට තේ කර්මාන්තයේ පවතින ක්‍රමවේදය වෙනස් කර ඵලදායිතාවය මත තේ කර්මාන්තය පවත්වාගෙන යාමට කාලය එලඹි ඇති බව හේලිස් සමුහ වතු සමාගමේ ක්‍රියාකාරි අධ්‍යක්ෂක සහ වතු හාම්පුතුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අචාර්ය රොෂාන් රාජදොරේ මහතා පැවසිය.

රොෂාන් රාජදොරේ මහතා ඒ බැව් කියා සිටියේ එම වතු සමාගම විසින් (01) දින නානුඔය රදැල්ල ක්‍රිඩාංගණයේදි පැවති හොදම තේ දළු නෙල්න්නිය තේරිමේ තරගයෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු රොෂාන් රාජදොරේ මහතා කියා සිටියේ පැය 08 ක කාලයක් තේ දළු නෙලමින් ලබන වැටුපට වඩා ඵලදායිතාවය පදනම් කරගනිමින් වතු හාම්පුතුන්ගේ සංගමය මගින් රජයට ඉදිරිපත් කර ඇති යෝජනාවලිය ක්‍රියාවට නංවාලිම තුලින්දිනකට පැය කිහිපයක් තේ දළු නෙලිමෙන් වතු කම්කරුවෙකුට දැනට ලබාගන්නා වැටුපට වඩා ඉහල වැටුපක් ලබා ගැනිමට හැකියාව ඇති බවයි.

එම යෝජනාව අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කර ඇති බවට තමන් විශ්වාස කරන බවත්, එම යෝජනාවලිය ක්‍රියාවට නංවන්නේ නොමැතිව වතු කම්කරුවන්ගේ වැටුප තවදුරටත් වැඩි කිරිමට තේ වතු සමාගම් වලට නොහැකි බවයි රොෂාන් රාජදොරේ මහතා කියා සිටියේ.

තවද දැනට ලෝක වෙළදපොලේ ශ්‍රි ලංකාවේ තේ සදහා ලැබෙන මුදලට වඩා රු 100 ක් වතු සමාගම් දරාගනිමින් වතු කම්කරුවන්ට වැටුප් ගෙවන බවත්, ඵලදායිතාවය මත වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිමේ යෝජනාවලිය මෙරට තේ කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාමේ අරමුණින් සියළු දෙනාගේ අදහස් ලබාගෙන සකස් කල යෝජනාවක් බවද රොෂාන් රාජදොරේ මහතා වැඩිදුරටත් පැවසිය.

Related posts

ගොවි තාත්තා ම‍ගේ පළමු චිත්‍රපටයයි රජරටින් රංගන ක්ෂේත්‍රයට ආ නදීෂා රංගනී

Maimoonar

කටුනායක සේවකයෙකුට පැත්තකට අරං ගිහිං මං කණට ගැහුවා..- ප‍්‍රසන්න රණවීර..

Maimoonar

කොරෝනා ආසාදනයෙන් සුවය ලැබු ගණන 172 දක්වා ඉහළට

Maimoonar