27.2 C
Colombo
October 8, 2026
Local NewsNews

දුම්රයක ගැටී ගවයින් 10 ක් මරුට…

යාපනය කොඩිකාමම් පොලිස් වසමේ ආසෙයිපිල්ලෙයි ප්‍රදේශයේදී ධාවනය වූ දුම්රියකට ගව රංචුවක් ගැටීම හේතුවෙන් ගවයින් 10 ක් පමණ ඊයේ දින මිය ගොස් ඇතැයි ගවයින්ගේ හිමිකරුවන් පවසා සිටියහ.

යාපනය දෙසට ධාවනය වු අදාල දුම්රිය පරික්ෂණ දුම්රියක් වන අතර දුම්රිය ධාවනය වන අවස්ථාවේදී ගව රංචුවක් දුම්රිය ගමන් මාර්ගයේ සිටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

එහිදී දුම්රියේ ගැටුනු ගවයින් 10 ක් පමණ මිය ගොස් 05 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර අනතුරින් පසුව ගවයින්ගේ හිමිකරුවන් අනතුර සිදු වූ ස්ථානයට පැමිණ මිය ගිය සහ තුවාල ලැබූ ගවයින් රැගෙනයාමට කටයුතු කරන ලදි.

ගෙවුනු කාලසීමාවේදී උතුරු දුම්රිය මාර්ගයේදී ගවයින් විශාල ප්‍රමාණයක් දුම්රියේ ගැටීමෙන් මිය ගොස් ඇති බවටද ප්‍රදේශවාසීන් පවසා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

මෛත‍්‍රී-රනිල් උන්නා නම් ලංකාව කොරෝනාවෙන් ඇමරිකාවත් පරදනවා..

Maimoonar

ජාතික ගැටලුවට විසඳුමක් දෙන්න මාලිමා ආණ්ඩුවෙන් අලුත් ව්‍යවස්ථාවක් ගේනවා..

Maimoonar

ආයුර්වේද රෝහල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරයි

Maimoonar

8 comments

Comments are closed.