27.2 C
Colombo
August 20, 2026
NewsPolitical

අගමැති මහින්ද හා ඉන්දීය අගමැති මෝදි අතර සාකච්ඡාවක් අද

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි අග‍්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ. එහිදී ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාවේ නීතිවිරෝධීව ධීවර කටයුතුවල නිරත වීම සම්බන්ධයෙන් ප‍්‍රමුඛ අවධානයක් යොමු කරනු ඇති.  

අදාළ ගැටළුව සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේදීද, ඊයේ සාකච්ඡාවක් පවත්වා තිබුණා. ඉන්දීය ධීවරයින් ට්‍රෝලර් යාත‍්‍රා මගින් අනවසරයෙන් මෙරට මුහුදු තීරයට ඇතුළු වී මසුන් මැරීම හේතුවෙන් උතුරේ ධීවරයින් මුහුණ පා ඇති ගැටළු පිළිබඳ එහිදී සාකච්ඡා කළ බවයි අග‍්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසුවේ.

ඉන්දියාව තුළ කොරෝනා ව්‍යාප්තිය උග‍්‍රවීමත් සමග ඉන්දියානු යාත‍්‍රා අත්අඩංගුවට ගැනීම සිදුනොවන බැවින් වැඩි වශයෙන් එරට ධීවර යාත‍්‍රා ශ‍්‍රී ලංකා මුහුදු තීරයේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරත වී ඇති බව මෙහිදී අනාවරණ වී තිබෙනවා.

මේ හේතුවෙන් උතුරේ ධීවරයින්ට සිය ජීවිකාව කරගෙන යාමේදී ගැටළු රැුසකට මුහුණ පෑමට ද සිදුව ඇති බවයි ප‍්‍රකාශ කෙරුණේ. කෙසේවෙතත්, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී නාවික හමුදාවට උපදෙස් ලබාදී ඇත්තේ අනවසරයෙන් ඇතුළු වන ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගෙන නීතිය කි‍්‍රයාත්මක කිරීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව සිදුකරන ලෙසයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

රනිල් අගමැති කමට යෝජනා කළේ බංකරයේ සැගවී සිටින මහින්ද…

Maimoonar

සියඹලාපිටිය ශ‍්‍රීලනිප මහ ලේකම් ධුරයට..?දයාසිරිට අසනීපයි..

Maimoonar

බන්ධනාගාර තුල ජංගම දුරකථන භාවිතය සම්පූර්ණයෙන් තුරන් කරන්න – ජනාධිපති

Maimoonar

2 comments

Comments are closed.