Local NewsNews

මහනුවර නගරයේ නීති විරෝධී ඉදිකිරීම් සියල්ල හඳුනාගනියි

මහනුවර නගරයේ ඇති අවදානම් හා නිතී විරෝධී ඉදිකිරීම් සියල්ල මේවනවිට හඳුනාගෙන අවසන් කර තිබෙනවා.

ඒ, අදාල ඉදිකිරීම් පිළිබඳ සොයාබැලීමට පත් කල විශේෂඥ කමිටුව විසින්. ඉංජිනේරුවරුන් 21 දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුව විසින් තමන් සිදුකරනු ලැබූ අධ්‍යයනයේ වාර්තාවද මේ වන විටත් ලබා දී තිබෙනවා.

ඒ අනුව අදාල සියලු ඉදිකිරීම් සම්බන්ධයෙන් යළි පූර්ණ විමර්ශණයක් සිදු කිරීමටත් ඒවායේ ඇති අවදානම ඉවත් කිරීමට ගත හැකි පියවර ක්ෂණිකව අනුගමනය කිරීමටත් නියමිතයි.

ඒ අනුව පළමු පියවර ලෙස අදාල ඉදිකිරීම් හිමි පුද්ගලයින්ට ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහය නොමිලේ ලබා දෙන බවයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ පැවසුවේ.

මහනුවර බූවැලිකඩ ප‍්‍රදේශයේ සිදුවූ 5 මහල් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවසන් වාර්තාව සඳුදා ලැබෙන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ වැඩිදුරටත් පැවසුවේ කඩා වැටුණු අදාල ගොඩනැගිල්ල ඉදිකිරීමේදී හා යළි සංවර්ධනය කිරීමේදී කිසියම් වංචනික ක‍්‍රියාවක් සිදුව ඇත්දැයි පුළුල් විමර්ශණ කි‍්‍රයාත්මක බවයි.

මහනුවර බූවැලිකඩ ප‍්‍රදේශයේ 5 මහල් ගොඩනැගිල්ලක් ඉකුත් දා ඒ අසල පිහිටි කුඩා හෝටලයක් මතට කඩා වැටීමෙන් එහි සිටි මාස එකහමාරක බිළිඳියකට, හා ඇයගේ මව්පියන්ට දිවි අහිමි වුණා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

සමනොල සිරි හරිත වන්දනාව සාර්ථකයි: ශ්‍රී පාදයේ අපද්‍රව්‍ය කිලෝ 7,000ක් ප්‍රතිචක්‍රීකරණයට

Maimoonar

කුලියාපිටිය තරුණයා ඝාතනය : ප‍්‍රබල දේශපාලනඥයකුගෙන්, පොලිස් ලොක්කෙකුගෙන් ප්‍රශ්න කරන්න යයි…

Maimoonar

පසුගිය සමයේ පුද්ගලික සමාගමක් එංගලන්තයෙන් ගෙන්වූ කුණු තොගය යළිත් එංගලන්තයටම යවයි

Maimoonar