27.8 C
Colombo
August 24, 2026
Local NewsNews

ගෝනාකෝවිලේ රොහාගේ මරණය සමරා පාටි දැමූ කුඩු අංජුගේ සොයුරිය ඇතුලු තිදෙනෙක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වූ දේවමුණි හැරල් රෝහණ ද සිල්වා නොහොත් ගොනාකෝවිලේ රොහා නමැත්තාගේ මරණය සම්බන්ධයෙන් සැමරුම් පවත්වන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව පොලීසිය පවසනවා.

ඉතාලියට පලාගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කුඩු අංජු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඉකුත්දා පවසා තිබුණේ ගොනාකෝවිලේ රොහා නමැත්තාගේ දේහය පිළිබද අවසන් කටයුතුවලට සහභාගි වන පුද්ගලයින් ඝාතනය කරන බවටයි.

කුඩු අංජුගේ සහෝදරිය ඇතුළු තිදෙනෙකු ගොනාකෝවිලේ රොහාගේ මරණය සැමරීමට සූදානම්ව සිටියදී ඊයේ අත්අඩංගුවට ගැණුනා. ඒ සමඟයි එවැනි සැමරුම් පවත්වන පිරිස් අත්අඩංගුවට ගැනීම සදහා පොලීසියේ අවධානය යොමු වුණේ.

ගොනාකෝවිලේ රොහා ඉකුත් 23 වනදා ජීවිතක්‍ෂයට පත් වූයේ පොලීසිය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකදීයි.

මීගමුව කොච්චිකඬේ ප‍්‍රදේශයෙන් ට්‍රෝලර් යාත‍්‍රාවකින් ඉන්දියාවට පලායාමට සැකකරු උත්සාහ දරා ඇති අතර එහිදී පොලීසිය ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු පොලීසියට වෙඩි තබා තිබෙනවා. පොලීසිය එල්ල කළ ප‍්‍රතිප‍්‍රහාරවලින් ගොනාකෝවිලේ රොහා මිය ගියා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

රස සහ රුව අපට ඉති­රි­කර අපෙන් සමු­ගත් ශාන්තා

Maimoonar

ගෝටාභය යලි දේශපාලනයේ කිසිම තැනකට නොආ යුතුයි.. ඔහු කිසිම දේශපාලනයක් දන්නේ නෑ…- උදයංග

Maimoonar

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ ගැටලු විසඳීමට GMOA මැදිහත් වෙයි: ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග ගැන තීරණය කිරීමට විශේෂ කමිටුවක්

Maimoonar

139 comments

Comments are closed.