27.2 C
Colombo
October 8, 2026
Local NewsNews

Online ඩොලර් බද්ද අපි නොගැහුවොත් වෙන රටක් ගහනවා.. ඒකයි අපි ගැහුවේ..

අන්තර්ජාල සේවා සපයන්නට සඳහා සියයට පහළොවක් වන බදු මුදල මෙරටදී අය කර නොගතහොත් වෙනත් රටකදී අය කරන බව ආර්ථික නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙන් එය මෙරටදි අය කර ගැනීමට කටයුතු කළ බවද හෙතෙම පැවසීය.

මෙම බද්ද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාලයේ 30%ක ප‍්‍රතිශතයකින් අය කිරීමට අනුමත කර ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ එකක් බවද ඔහු පැවසීය.

නමුත් තම රජය මැදිහත්වී එය සියයට පහළොවක් දක්වා අඩුකර ගැනීමට කටයුතු කළ බවත් ඔහු කියා සිටී.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

Related posts

රට කිරිපිටිවල ඌරුතෙල් නෑ..ආරක්‍ෂිතයි..ප‍්‍රමිතිගතයි.. නියමයි-සෞඛ්‍ය අමාත්‍යංශය කියයි

Maimoonar

වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි

Maimoonar

පොලී අනුපාත පහල දැමේ.. නව අනුපාත මෙන්න…

Maimoonar