27.2 C
Colombo
August 20, 2026
NewsPolitical

වැඩ වර්ජනවල අරමුණ ආර්ථික අර්බුදය තවත් උග්‍ර කරවීමයි… එය දේශපාලන අරමුණක්..

පටු දේශපාලන වුවමනා මත ජනතාව අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් ලබන 06 වැනිදා සිදු කිරීමට අපේක්ෂිත වැඩ වර්ජනයට කිසිඳු සහායක් ලබා නොදෙන බව අත්‍යාවශ්‍ය සේවා සපයන ආයතන රැසක වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති. තම සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව ඔවුහු සඳහන් කළහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති හමුවේ දී වෘත්තිය සමිති නියෝජිතයෝ මේ බව පැවසූහ.

අපේක්ෂිත වැඩ වර්ජනය, සේවක අයිතීන් වෙනුවෙන් නොව දේශපාලන පක්ෂ කිහිපයක වුවමනාවක් මත සිදු කෙරෙන්නක් බව වෘත්තිය සමිති නියෝජිතයන් විසින් පෙන්වා දෙනු ලැබීය.

පවතින ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර අතට හැරවීම සහ මහජනතාව පීඩාවට පත් කිරීම මෙම වැඩ වර්ජනයේ අපේක්ෂාව වේ. එම නිසා තත්ත්වය නිසි ලෙස තේරුම් ගෙන ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට කටයුතු කිරීම සියලු සේවකයන්ගේ යුතුකම සහ වගකීම බව වෘත්තිය සමිති නියෝජිතයෝ සඳහන් කළහ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නව ක්‍රමවේදයන්ට යොමුවීමේ සහ දේශපාලන භේද වලින් ඉවත්වීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දෙනු ලැබීය. වැඩ වර්ජන හේතුවෙන් ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර අතට හැරවීම මේ පිටුපස ඇති දේශපාලන අරමුණ වේ. එය වටහා ගෙන ආයතන බිඳ වැටීමට ඉඩ නොතැබිය යුතුය.

පසුගිය 28 වැනිදා පැවති වැඩ වර්ජනය නොතකා රාජකාරිය ඉටු කළ සේවකයින්ට සිය ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා පවතින තත්ත්වය වටහා ගෙන ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය සහාය ලබාදෙන ලෙස සියලුම වෘත්තිය සමිති වලින් ඉල්ලා සිටියේය.

අමාත්‍ය දිලුම් අමුණුගම, මොහාන් ද සිල්වා, කංචන විජේසේකර, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරු සහ ප්‍රවාහන, විදුලිබල, වරාය හා නාවික, බලශක්ති අමාත්‍යාංශවල ලේකම්වරු හා ආයතන ප්‍රධානිහු සහ වෘත්තිය සමිති නියෝජිතයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

Related posts

ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ නාමල් රාජපක්ෂ මහතා අද විමර්ශන අංශ හමුවට

Maimoonar

ජනප‍්‍රිය නිළියන් දෙදෙනෙකු අත්අඩංගුවට..? අසභ්‍ය හඬපට මතක නෑලු..

Maimoonar

අසත්‍ය ප්‍රවෘත්ති පළ කිරීමට එරෙහිව විශේෂඥ වෛද්‍ය චමල් සංජීවගෙන් මිලියන 400ක එන්තරවාසි

Maimoonar

3 comments

Comments are closed.