Local NewsNews

ත්‍රිකුණාමලය රෝහලේ වෛද්‍යවරයෙක්ට කොවිඩ්

ත්‍රිකුණාමලය මහ රෝහලේ වෛද්‍යවරයෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ, රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයෙකු මෙලෙස ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බවය.

ඔහු පසුගියදා කොටහේන ප්‍රදේශයේ සිය නිවසේ සිටියදී ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පී.සී.ආර් පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහිදී කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

අදාළ වෛද්‍යවරයා සමඟ සේවය කළ තවත් වෛද්‍යවරුන් තිදෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේය.

adaderananews

Related posts

IMF බලාපොරොත්තුවන ආදායම ලබන්න බැරි බව රජය IMF ට දන්වයි..

Maimoonar

නිධානයකින් ලබාගත් බුදු පිළිම දෙකක් සමග සැකකරුවෙකු පිටකොටුවේදී අත්අඩංගුවට

Maimoonar

ඩොලර් නෑ.. ඇපල්, දොඩම්, මිදි, චොකලට් ආනයන නවතයි..

Maimoonar