Local NewsNews

ලක්‍ෂ 50කට විදුලි රතු බිල්.. මුළු පාරිභෝගික ගණන ලක්‍ෂ 70යි..

විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් පසු විදුලි පරිභෝගිකයන් ලක්ෂ පනහකට ආසන්න පිරිසකට රතු නිවේදන නිකුත් කිරීමට සිදුව ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය ඉංජිනේරුවන් හෙළි කරන්නේ මෙරට සමස්ථ විදුලි පාරිභෝගිකයන් ප්‍රමාණය ලක්ෂ හැත්තෑ එකක් බවයි.

මෙතෙක් මාස දෙකක් හෝ බිල්පත් නොපියවා යම් කාල සීමාවක් යනතුරුම රතු බිල්පත් නිකුත් කිරීමක් සිදු නොවීය.

නමුත් මහා භාණ්ඩාගාරයෙන් විදුලිබල මණ්ඩලයේ කටයුතුවලට මුදල් පූර්ණයෙන් නොකිරීම නිසා මන්ඩලය ආදායම් එක්රැස් කරගැනීමට ලැබී ඇති උපදෙස් පරිදි මාසයක් තුළ බිල නොගෙවන අයටද රතු නිවේදන යවමින් සිටියි.

එමෙන්ම සෑම මසකම ලක්ෂ දෙකකට වඩා වැඩි පිරිසකගේ විදුලි සැපයුම විසන්ධි කිරීමට සිදුව ඇති බව වාර්තා වෙයි.

Related posts

අමෙරිකාවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට 7කට තුවාල

Maimoonar

රතන හිමි, රනිල් , බැසිල් මන්ත‍්‍රීධුර නීති විරෝධීයි.. ඔවුන් පාර්ලිමේන්තුවෙන් පන්නනවා..- නාගානන්ද උසාවි යයි..

Maimoonar

අකර්මණ්‍ය වූ හදවතක් පැයක් තුල යළි පණ ගැන්වීමට හැකි වෛද්‍ය උපකරණයක් හඳුන්වා දෙයි

Maimoonar