28.9 C
Colombo
September 10, 2026
NewsPolitical

දේශබන්දුට මං විරුද්ද වුනා..

පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත වලංගුද යන්න සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මේ වන විට උද්ගත වී ඇති බවත්, මේ පනතින් පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන්ගේ භාෂණයේ නිදහස තහවුරු වීමත් නඩු පැවරිය නොහැකි වීමත්, සඳහන් වුවත් එම ප්‍රතිපාදන ගණන් නොගෙන පාර්ලිමේන්තු සභාගර්භය තුළ අදහස් දැක්වීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම් සිදුවන බවත්, මෙය බරපතල තත්ත්වයක් බවත් විපක්ෂ නායකවරයා පවසනවා

එමෙන්ම මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද රැකගැනීමේ අරමුණින් සම්මත වී ඇති වරප්‍රසාද පනත උල්ලංඝනය කරන පුද්ගලයන් වරප්‍රසාද කමිටුවට ගෙන නොඑන්නේ ඇයිද? යන්නත් විපක්ෂ නායකවරයා ප්‍රශ්ණ කර සිටියා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (02) පාර්ලිමේන්තුවේ දී අධිකරණ අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින්.

මීට අමතරව නව වැඩබලන පොලිස්පතිවරයාගේ පත්වීම සම්බන්ධයෙන්ද පැහැදිලි කළ විපක්ෂ නායකවරයා, එය ව්‍යවස්ථාදායක සභාවේ අනුමත වූ බවට මාධ්‍ය වාර්තා කළත්, ඒ සඳහා ව්‍යවස්ථාදායක සභාවේ 5යි 3ක් ලෙස බෙදුණු තීන්දුවක් ලැබුණු බවත්, එහිදී විපක්ෂ නායකවරයා ලෙස තමාත්, කබීර් හෂීම් මහතා සහ තවත් අයකු ඊට විරුද්ධ මතයක සිටි බවත් ප්‍රකාශ කළා.

– Media unit

Related posts

ලුණු මිල 200 ඉක්මවා ඉහලට..

Maimoonar

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතාට මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් විසින් දැඩි ලෙස දෝෂාරෝපණය කරයි.

Maimoonar

ඉදුරුවෙන් දිනක් තුල ආසාදිතයන් 41ක්.. වහාම ලොක්ඩවුන් කරයි..

Maimoonar