February 12, 2026
NewsSportsSports News

ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ…- ලෙජන්ඩ් නායක දිල්ෂාන්

ශ්‍රී ලංකා ප‍්‍රවිණයන්ගේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායම අතර ක්‍රිකට් තරගයක් පැවැත්වීම මේ අවස්ථාවේ නුසුදුසු ක්‍රියාවක් බවත් ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ කණ්ඩායමට නායකත්වය දෙන ටී.එම්. දිල්ශාන් සඳහන් කරයි.

ලෝක කුසලාන තරගාවලිය ආසන්නයේදී පැවැත්වීමට යෝජිත එම තරගයෙන් ජාතික කණ්ඩායමට යම් පසුබෑමක් වුවහොත් එය ඔවුන්ගේ මානසිකත්වයට දැඩි බලපෑමක් ඇති කරනු ඇති බවද දිල්ෂාන් කියා සිටී.

එමෙන්ම තමන් නායකත්වය දරණ ‍ප‍්‍රවීණයන්ගේ කණ්ඩායම ඉතා හොඳින් ක්‍රීඩා කරන බවද ඔහු පවසයි.

මේ මොහොතේ කළ යුතුව ඇත්තේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා තරුණ ක්‍රීඩකයන් ශක්තිමත් කිරීම බවද ඔහු පවසයි.

කෙසේ නමුත් මෙම තරඟාවලිය පැවැත්වෙන ආකාරය හෝ දිනයක් පිළිබඳව තමන්ට මේ දක්වා නිල දැනුම් දීමක් කර නැතැයිද න්න ඔහු සඳහන් කරයි.

ඩිල්ෂාන් මේ වන විට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින අතර ආබාධයට ප්‍රතිකාර ලබමින් සිටී.

Related posts

විශාල බලයක් දුන්නත් ආණ්ඩුව අසමත් – කරු ජයසුරිය

Maimoonar

වගා වන්දි උපරිම වී වගාවට අක්කර 5කටයි.. අනෙක් බෝගවලට අක්කර දෙක හමාරටයි..

Maimoonar

පුෂ්පිකා ලංකාව උඩටම ගෙනේ.. ලෝකෙන්ම හතරවැනියා වෙයි..

Maimoonar

780 comments

Comments are closed.