32.2 C
Colombo
October 1, 2026
Local NewsNews

නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නාය ගිය කොටස්: නව මාර්ග තැනීමට හමුදා නිරීක්ෂණ චාරිකාවක්

කොත්මලේ ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග ගම්පොළ සහ නුවරඑළිය යා කරන ප්‍රධාන මාර්ගයේ නාය ගිය කොටස් යළි අලුත්වැඩියා කිරීම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ බට පිරිස් ඊයේ (දෙසැම්බර් 03) නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

රම්බොඩ ගැරඩි ඇල්ලේ සිට නුවරඑළිය ලබු කැලේ කොණ්ඩගල දක්වා වන මාර්ගයේ මෙම නාය යෑම් වාර්තා වී තිබිණි.

නව මාර්ග ඉදි කිරීම:

යුද හමුදා බට පිරිස් මෙම චාරිකාවේ නියැලුණේ, නාය ගිය ස්ථාන මගහැර, අලුතින් වෙනත් ස්ථානයකින් මාර්ගය ඉදි කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සහ ඒ සඳහා අවශ්‍ය ගුවන් ඡායාරූප ලබා ගැනීම සඳහායි.

මෙම ප්‍රධාන මාර්ගය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා යුද හමුදාව මැදිහත්වී කටයුතු කරමින් සිටී.

Related posts

කොවිඩ් මරණ 05ක්

Maimoonar

‘දිට්වා’ කුණාටුව: අවතැන් දරුවන්ට පොත්පත් දීමට නාමල් රාජපක්ෂගෙන් වැඩපිළිවෙළක්

Maimoonar

රාජිත සේනාරත්න අතුරුදන්

Maimoonar