31.7 C
Colombo
September 10, 2026
Local NewsNews

පොලිසියෙන් දැඩි ඉල්ලීමක්: මාර්ග පිළිසකර කරන ස්ථානවල සෙල්ෆි ගැනීමෙන් වළකින්න!

මාර්ග පිළිසකර කිරීම් සහ සහන මෙහෙයුම් සිදුවන අවදානම් ස්ථානවලදී ඇතැම් සහන කණ්ඩායම්වල පිරිස් විසින් සිදුකරන ඡායාරූප ගැනීම් සහ වීඩියෝකරණය මෙහෙයුම් නිලධාරීන්ට දැඩි බාධාවක් බවට පත්ව ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක උදය කුමාර වුට්ලර් මහතා සඳහන් කළේ, බදුල්ල සහ බණ්ඩාරවෙල වැනි ප්‍රදේශවල යතුරුපැදි 50කින් පමණ පැමිණි පිරිස් මේ ආකාරයෙන් අවදානම් ලෙස හැසිරෙන බව නිරීක්ෂණය වී ඇති බවයි.

ආරක්ෂාකාරීව සහන සලසන ආකාරය:

සහන මලු රැගෙන යන පාර්ශ්වයන්ගේ ආරක්ෂාව තහවුරු කරගැනීම සඳහා, සහන සැලසිය යුතු නිවැරදි ස්ථාන සහ පිරිස් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා පොලිස් මෙහෙයුම් මැදිරියේ අංක (0718595880-884) අමතන ලෙස පොලිසිය ඉල්ලා සිටී.

තවද, අතුරුදන් වූ ඥාති හිතමිතුරන් පිළිබඳ තොරතුරු දැනුම් දීමටද මෙම පැය 24 පුරා ක්‍රියාත්මක මැදිරියට ඇමතීමට හැකියාව ඇත.

Related posts

භූමිතෙල් සීමා කරයි.. එක් අයෙකුට ලීටර පහක් පමණයි..

Maimoonar

සහන මල්ලක් දෙන පුනරුදයේ පලමු අයවැය හෙට..

Maimoonar

මිනුවන්ගොඩ කොරෝනා පොකුර : හුදෙකලා කළ ප්‍රදේශ වල ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම්

Maimoonar