28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

අද සවස් කාලයේ පළාත් කිහිපයකට වැසි

උතුරු, උතුරු-මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලට සහ හම්බන්තොට දිස්ත්‍රික්කයට අද (22) සවස් කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම ප්‍රදේශවල සමහර ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ද මද වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව ඇති වන තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Related posts

අරගල නායක රැට්ටා අත්අඩංගුවට….

Maimoonar

අටළුගම කොරෝනා ආසාදිතයාගේ පියා සහ සහෝදරිය රෝහල් ගත කරයි

Maimoonar

මේ ආණ්ඩුව රටට හොඳක් කලේම නෑ.. කොරෝනාවෙන් නොමැරී මැරුණ මිනිසුන්ට බඩට ගැහුවා..

Maimoonar