31.7 C
Colombo
September 10, 2026
Local NewsNews

මැතිවරණයෙන් පසු මාලිමා ෆේස්බුක්, යූටියුබ් බලකාය හෙල්ලෙති.. ආණ්ඩු කරන හැටි ජනපතිට ඇමතිලාට උගන්නති..

පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ජන බලවේග ඡන්ද ප්‍රමාණය සැලකිය යුතු අඩුවක් පෙන්නුම් කිරීමත් සමඟ සමාජ ජාලා තුළද සැලකිය යුතු වෙනසක් සිදු වී තිබේ.

පසුගිය ජනාධිපතිවරණයේදීත් මහ මැතිවරණයේදීත් ජාතික ජන බලවේගය වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටින ලද සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් අද වන විට ආණ්ඩුවට අවවාද උපදෙස් අනුශාසනා දෙමින් සිටියදී තවත් පිරිසක් රළු ලෙස දෝෂාරෝපණය කරමින් සිටිති.

ඉදිරියේදී ආණ්ඩුව ගතයුතු දේශපාලන ක්‍රියාමාර්ග, කල යුතු වෙනස්කම්, ජනාධිපතිවරයා හැසිරිය යුතු ආකාරය හා කතා කල නොකල යුතු දෑ, අමාත්‍යවරුන් ජනතාව සමග සුහද ගනුදෙනුවකට යා යුතු ආකාරය, ප‍්‍රවේශමෙන් මාධ්‍ය වෙත මුහුණ දෙන ආකාරය, ආණ්ඩුව ජනතාවට සහන ලබාදිය යුතු ආකාරය, තවදුරටත් තම ඡන්ද ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගමන් කරන ආකාරය සම්බන්ධයෙන් ඔවුන් තමන්ට හැඟෙන ආකාරයට තම මට්ටම්වලින් අදහස් පළ කරමින් සිටිති.

ඇතැමුන්ගේ අදහස් පළ කිරීම ඉතා රළු බැනුම් ආකාරයෙන් ඉදිරිපත් කරන අතර තවත් පිරිස් ඉතා මෘදු ලෙස නමුත් යම් අවවාදාත්මක ලෙස සිදු කරමින් සිටිති.

Related posts

අධිකරණයෙන් අපුරු දඩුවමක්….

Maimoonar

පෙනෙනවාට වඩා විනාශය විශාලයි; භාණ්ඩාගාරයෙන් පමණක් ගොඩ දාන්න බෑ – ජනපති

Maimoonar

රාජස්ථාන් රෝයල්ස් සහ කොල්කටා නයිට්රයිඩර්ස් අද තරග බිමට

Maimoonar