28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

අනතුරු අඩු කරන්න බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන්ට කියාදෙයි…

මගි ප්‍රවාහන ලංගම සහ පෞද්ගලික බස් රථවලින් දිනපතා සිදුවන රිය අනතුරු පාලනය කර ගැනිම සදහා හැටන් පෞද්ගලික බස්නැවතුම්පොලේ වේලා සටහන්කරුවන්, රියදුරන් සහ කොන්දොස්තරවරුන්, හැටන් ලංගම ඩිපෝවේ රියදුරන් සහ කොන්දොස්තරවරුන් දැනුවත් කිරිමේ වැඩසටහනක් (28) දින හැටන් පොලිසියේදි සිදු කෙරේ.

ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහනට සමගාමීව හැටන් කොට්ටාශ භාර පොලිස් අධිකාරි  ප්‍රදිප් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම දැනුවත් කිරිමේ වැඩසටහන පවත්වනු ලැබුහ.

බස්රථවල රියදුරන් සහ කොන්දොස්තරවරුන්ගේ විනය නොමැතිකම, මාර්ග නිති උල්ලංගනය කිරීම, අධික වේගය, බස්රථ නිසිලෙස නඩත්තු නොකිරීම, බස් රථවල අමතර උපාංග සවි කිරිම, බස්රථ ධාවනය කිරිමේදි රියදුරාගේ අවධානය යොමු කිරිම, මත්පැන් පානය කර සහ බුලත්විට සපා කමින් රිය ධාවනය කිරීම ඇතුළු අනතුරු සිදුවිය හැකි කරුණු රැසක් සම්බන්ධයෙන් දැනුවත් කරනු ලැබුවා.

මෙම දැනුවත් කිරිමේ වැඩසටහනෙන් පසුව රිය අනතුරු සිදුකරන රියදුරන් කොන්දොස්තරවරුන් සහ බස් රථවල අයිතිකරුවන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව හැටන් කොට්ටාශ භාර පොලිස් අධිකාරි  ප්‍රදිප් වීරසේකර මහතා දැනුවත් කිරිමේ වැඩසටහනට පැමිණ සිටි සියලු දෙනාට පැවසීය.

Related posts

තවත් අයවැයක් පරදී.. පොහොට්ටු පිරිසක්ම විරුද්ද වේ…

Maimoonar

KDU වෛද්‍ය උපාධියට අයදුම්පත් කැදවයි…

Maimoonar

‘රෝහිතට කොරෝනා හැදී නුවර ජනාධිපති මන්දිරයේ… ගුවනින් කොළඹ සිට කෑම යවයි..’ පුවත ගැන හමුදාපති පහදයි…

Maimoonar