26.7 C
Colombo
October 1, 2026
BusinessBusiness NewsNewsPolitical

වසර තුනක් ඇතුළත විදුලි බිල 30%කින් අඩු කිරීමට රජය කැපවී සිටින බව බලශක්ති අමාත්‍යවරයා පවසයි

පොරොන්දු වූ කාලරාමුවට අනුව ඉදිරි වසර තුන ඇතුළත විදුලි බිලෙහි 30%ක කප්පාදුවක් සිදු කිරීමට රජය කැපවී සිටින බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අවධාරණය කරයි. අද (06) දින පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, නිසි පිරිවැය කළමනාකරණය හරහා දැනටමත් විදුලි උත්පාදන වියදම් සැලකිය යුතු ලෙස අඩු කර ගැනීමට රජය සමත් වී ඇති බවයි.

අමාත්‍යවරයා සඳහන් කළ පරිදි, වත්මන් රජය බලයට පත්වන විට රුපියල් 37ක්ව පැවති විදුලි ඒකකයක සාමාන්‍ය නිෂ්පාදන වියදම මේ වන විට රුපියල් 29 දක්වා පහත හෙළීමට පියවර ගෙන තිබේ. මෙය 22%ක පමණ පිරිවැය අඩු කර ගැනීමක් වන අතර, රජයේ මීළඟ ඉලක්කය වන්නේ එම ජනන පිරිවැය ඒකකයකට රුපියල් 25 දක්වා තවදුරටත් අඩු කිරීමයි. විදුලි ඒකකයක ජනන මිල අඩු නොකර පාරිභෝගිකයාට තිරසාර සහනයක් ලබා දිය නොහැකි බව ඔහු මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

ලබා දී ඇති සහතිකය පරිදි වසර තුනක් ගත වීමට පෙර විදුලි බිල 30%කින් අඩු කිරීමේ සහනය පාරිභෝගිකයාට පූර්ණ වශයෙන් ලබා දීම අමාත්‍යාංශයේ මූලික අපේක්ෂාවයි. වැඩි මිලට විදුලිය මිලදී ගෙන අඩු මිලට විකිණීමේ අලාභදායී ක්‍රමය වෙනුවට, විදුලි නිෂ්පාදන වියදම පාලනය කිරීම මගින් මෙම සහනය ලබා දීමට රජය සැලසුම් කර ඇත.

Related posts

මහින්ද හා පවුලේ අය මාලදිවයිනට යාමට ආරක්‍ෂිත ක‍්‍රමයක් සාදමින්..- මාලදිවයින් මාධ්‍ය පාස්පෝට් සමගින් හෙලිදරවුවක…

Maimoonar

සහනාධාර සහල් කෑ කුකුලන් මියයති..

Maimoonar

කඩදාසි ඉවරයි.. ජනවාරි සිට විදුලි බිල SMS මගින්…

Maimoonar