Local NewsNews

ආදායම් නෑ.. ශ්‍රී ලන්කන් සේවකයින් 400ක් වැටුප් රහිත නිවාඩු යවයි..

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කොන්ත්‍රාත් පදනම මත සිටින සේවකයින් 400 දෙනකු පමණ මාස 03ක කාලයක් සඳහා වැටුප් රහිත නිවාඩු යවා තිබේ.

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ගුවන් ගමන් සිදු නොවන බැවින් මෙම තීන්දුව ගෙන ඇති බව වාර්තා වෙයි.

තත්වය තවදුරටත් පැවතියහොත් රැකියාවන් අහිමි වීමේ අවධානමක්ද පවතින බව සදහන්ය.

තම නිවෙස් වලින් හෝ එළියට යාමේ හැකියාවක් නොමැතිව තිබියදී මෙලෙස රැකියාවෙන් ඉවත් කිරීම හේතුවෙන් බොහෝ සේවකයින් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින්නේ යයිද වාර්තා වේ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

රනිල්ට කොකා පෙන්නා රවි දිනුම් කණුව පසු කරයි.. මන්ත‍්‍රී ලෙස පත් කරමින් ගැසට් කෙරේ…

Maimoonar

නවීකරණය කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය නීතියේ ආධිපත්‍යයේ ජීවමාන සාක්ෂියක් බව අධිකරණ අමාත්‍යවරයා පවසයි

Maimoonar

දෛනිකව සංචාරකයන් 5,000ක් ලංකාවට…

Maimoonar

1 comment

Comments are closed.