32.2 C
Colombo
October 1, 2026
Local NewsNews

මහමගදී පොලිස් නිළධාරීන් යටකර පළා ගිය ටිපර් රථ රියදුරෙකු සොයා පරීක්ෂණ

මාතර හක්මන ප‍්‍රදේශයේදී මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ටිපර් රථයකින් යට කර පළා ගිය රියදුරෙකු සොයා හක්මන් පොලිසිය මගින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අදාළ අනතුරින් පොලිස් කොස්තාපල්වරයෙකු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මියගිය පොලිස් කොස්තාපල්වරයා 36 හැවිරිදි වලස්මුල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

තුවාල ලැබූ තවත් පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු ප‍්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
කිරින්ද නගරයේ ඊයේ රාති‍්‍රයේ වාහන පරීක්ෂා කිරීමේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් මාතර දෙස සිට හක්මන දෙසට ධාවනය වූ ටිපර් රථයක් නවත්වන ලෙස සංඥා කර තිබුණා.

නමුත්, ටිපර් රථය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන්, ඉදිරියෙන් ඇති මාර්ග බාධකයේ පොලිස් නිලධාරීන්ව ද දැනුවත් කර අදාළ ටිපර් රථය ලූහුබැඳීමටයි පොලිසිය පියවර ගෙන තිබුණේ.

ලද තොරතුරට අනුව මාතර හක්මන මාර්ගයේ කෝංගල 13 කණුව මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් ටිපර් රථය නවතා පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

අන්තරාදායක ලෙස රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරුගේ බලපත‍්‍රය පොලිස් භාරයට ගෙන තාවකාලික රියදුරු බලපත‍්‍රයක් නිකුත් කර අවවාද කිරීමෙන් අනතුරුව මුදා හැරීමටයි පොලිස් නිලධාරීන් පියවර ගෙන තිබුණේ.

එම අවස්ථාවේ හක්මන දෙසට ධාවනය කළ ටිපර් රථය මිනිත්තු 10 කට පමණ පසුව යළි මාතර හක්මන මාර්ගයේ අදාළ මාර්ග බාධකය අසළට පැමිණ එහි රාජකාරී කරමින් සිටි නිලධාරීන් එලෙස යටකර පළාගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ.

මීට නොබෝ වේලාවකට පෙර සිද්ධියට අදාළ ටිපර් රථය හුංගම ප‍්‍රදේශයේ නිවසක ගාල් කර තිබියදී සොයාගෙන ඇති බව නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

පුද්ගලික අංශ සේවකයන්ගේ අවම වැටුප 25,000 කරනවා…

Maimoonar

‘පෙරට වඩා ශක්තිමත්ව සහ ආරක්ෂිතව යළි ගොඩනැඟීමට රජයෙන් පේරාදෙණියට සහාය’ – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

Maimoonar

විවාහ මංගල ශාලාවේ සේවකයින් 12කට කොරෝනා : ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන අවස්ථාවේ පැවති මංගල උත්සවයට 150 දෙනෙකු සහභාගි වෙලා

Maimoonar

1 comment

Comments are closed.