30.4 C
Colombo
October 8, 2026
Local NewsNews

වාර්ෂික බස් ගාස්තු සංශෝධන යෝජනාව කැබිනට් මණ්ඩලයට

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) සහ පෞද්ගලික බස් ගාස්තු සංශෝධනය කිරීමට අදාළ නිල යෝජනාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බව ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව (NTC) පවසයි.

මේ පිළිබඳව කළ විමසීමකට පිළිතුරු දෙමින් ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩෝ මහතා සඳහන් කළේ, ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත කැබිනට් තීරණයට අනුකූලව මෙම බස් ගාස්තු සංශෝධනය බලාත්මක කෙරෙන බවයි. සෑම වසරකම ජූලි මස 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධන ප්‍රතිපත්තියට සමගාමීව මෙම පියවර ගෙන ඇති අතර, ඊට අදාළ මූලික කටයුතු මේ වන විටත් සූදානම් කරමින් පවතී.

විශේෂයෙන්ම, රජය විසින් ජූලි මාසයේදී සිදුකිරීමට නියමිත නිල ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව මෙහිදී සුවිශේෂී අවධානයක් යොමු කිරීමට නියමිතය.

ඉන්ධන මිලෙහි සිදුවන වෙනස්වීම් ඇතුළු අනෙකුත් සියලුම සාධක සවිස්තරාත්මකව විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව, බස් ගාස්තු ඉහළ යන නිශ්චිත ප්‍රතිශතය සහ නව අවම බස් ගාස්තුව ඉදිරි දිනවලදී නිල වශයෙන් මහජනතාව වෙත දැනුම් දෙන බව ද ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව වැඩිදුරටත් කියා සිටියි.

Related posts

සභා දෙකක බලය පෙරලේ.. ශ‍්‍රීලනිපයත් පොහොට්ටුවට විරුද්දව තරග කරයි..

Maimoonar

මහනුවර නගරයේ ජල සැපයුම ඇනහිටී; පානීය ජල බෝතල් හිඟයක්, මිල 100 දක්වා ඉහළට

Maimoonar

ගුවන් මගියෙක් ගුවන් තොටේ විස්කි බෝතල් පොලොවේ ගහයි…

Maimoonar