November 5, 2026
BusinessBusiness NewsNews

පොල් මිල විශාල ලෙස ඉහළට…

දිවයින පුරා පොල් අස්වැන්නෙ අඩුවක් මේ දිනවල ඇතිබව පොල් වගාකරුවෝ පවසයි.

පැවති අයහපත් කාලගුණ තත්වය පොල් අස්වැන්න අඩුවීමට හේතුවී තිබේ.

පොල් අස්වැන්න සඳහා වර්ෂය පුරා පැතිරුණු 1500mm පමණ වර්ෂාපතනයක් සහ සෙල්සියස් අංශක 28 පමණ උෂ්ණත්වයක් අවශ්‍ය බව පොල් සංවර්ධන මණ්ඩලය පවසයි.

එහෙත් පසුගිය මාස කිහිපයේ ඇතැම් ප්‍රදේශ වලට අධික වැසි සහ ඇතැම් ප්‍රදේශ වලට අධික වියළි කාලගුණයක් පැවතුණි.

මෙම තත්වය ලබන මැයි මාසය පමණ වනවිට ක්‍රමයෙන් යථා තත්වයට පත්වනු ඇතිබව පොල් වගාවගාකරුවන් සඳහන් කරයි.

මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ පොල් ගෙඩියක මිල මේවන විට රුපියල් 80ත් 120 අතර මිලක පවතියි.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමක්

Maimoonar

සජබ ලයිස්තුවෙන් මද්දුම බණ්ඩාර කලින්ම පනී..

Maimoonar

‘බග්ස් බනී’ සහ ‘ඩැෆී ඩක්’ සඳහා හඬ කැවූ සම්මානනීය හඬ නළු එරික් බවුසා අභාවප්‍රාප්ත වෙයි

Maimoonar

1 comment

Comments are closed.