28.9 C
Colombo
September 10, 2026
International NewsNews

හූති නිසා ලංකාවේ කල්ල මරේ.. කොළඹ වරායට එන්න වෙළද නෞකා පොරකති..

හූති කැරලිකරුවන් රතු මුහුදේ නැව්වලට පහරදීම ආරම්භ කිරීමත් සමග කොළඹ වරාය සංක්‍රමණ ස්ථානයක් ලෙස ​යොදා ගැනීම නිසා තදබදයක් ඇතිවී තිබෙන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

වරායේ පර්යන්ත තුනේ නැව් ගත කිරීමේ කවුළු වැඩි වශයෙන් නැව්ගත කිරීමේ මාර්ග ඉල්ලා ඇති අතර ඉන්දියාවෙන් ප්‍රති නැව්ගත කිරීමේ පරිමාවද වැඩිවී ඇති බවද වරාය අධිකාරිය පෙන්වා දෙයි.

කොළඹ වරායේ උපාය මාර්ගික පිහිටීම නිසා වරායට සංක්‍රමණය වන නැව්වලට මැදපෙරදිග, දකුණු ආසියාවට සහ නැගෙනහිර ආසියාව වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කරයි.

දකුණු අප්‍රිකාව පසුකර යන නැව්වලට පළමුවෙන් හමුවන වරාය කොළඹ වරාය වීමද තදබදය තවත් වැඩිවීමට හේතුවී ඇත.

ඊළඟට හමුවන සිංගප්පූරුව වරාය දුර බැවින් කොළඹ වරායට නැව් කඩිනමින් ළඟාවිය හැකි බවද වරාය අධිකාරිය පෙන්වා දෙයි.

කොළඹ වරායේ පවතින තදබදය නිසා අඩි 20 හා අඩි 40 කන්ටේනර මෙහෙයුම් 2023 වර්ෂයේ මිලියන 6.9 ක් සිදුකර තිබේ.

දැනට පවතින තත්ත්වය හේතුවෙන් මෙම වර්ෂයේ එම ප්‍රමාණය ඉහළ යනු ඇතැයි අධිකාරියේ විශ්වාසයයි.

තවද ඊශ්‍රායලයේ සිට අරාබි රටවලට ගමන් කරන නෞකාද එම රටවල් භාරගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා එම නැව්ද කොළඹ වරායට පැමිණ ප්‍රතිනැව්ගත කිරීම් සිදුකරනු ලබයි.

හූති කැරළිකරුවන්ගේ ප්‍රහාර නිසා ශ්‍රී ලංකාවෙන් යුරෝපා රටවලට භාණ්ඩ අපනයනය කරන අපනයනකරුවන්ටද දැඩි බලපෑමක් එල්ල වී තිබේ.

ඊට හේතු වී ඇත්තේ රතු මුහුද හරහා ගමන් කිරීමට නොහැකි වීම නිසා වෙනත් මාර්ගවලින් ගමන් කිරීමේදී අය කරන නැව් ගාස්තු ඉහළ යාම බවද වරාය අධිකාරිය පවසයි.

– අරුණ

Related posts

පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයෙකුට පහර දෙයි…

Maimoonar

ඉන්දීය ධිවරයෝ කල්පිටියත් අල්ලති.. ආණ්ඩුව සද්ද නෑ…

Maimoonar

රතිඤ්ඤා කරලක් කටේ තියාගත්ත විදේශිකයා රෝහලට

Maimoonar