28.9 C
Colombo
September 10, 2026
NewsPolitical

ජනාධිපතිවරණය පවත්වනවා.. මුදල් වෙන් කර අවසන්..- මැතිවරණ කොමිසම දන්වයි

මේ වසර තුළ ජනාධිපතිවරණය අනිවාර්යෙන් පැවැත්වීමට නියමිතව ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සමන් ශ‍්‍රී රත්නායක මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ නොවැම්බර් මස දහ අටවැන දිනට මාසයකට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට කොමිෂන් සභාවට සිදුවන බවයි.

ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව කරන ලද ඉල්ලීම අනුව අයවැයෙන් මුදල් වෙන්කර ඇති බවත් ඔහු පවසයි.

ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා රුපියල් බිලියන දහයක මුදලක් වැයවනු ඇතැයි ගණන් බලා ඇති බවද හෙතෙම කියා සිටියේය.

Related posts

සියුම් තැනකින් ආරම්භ වී ජීවිතයම ගිල ගන්නා මාරයා

Maimoonar

අඩු පාඩු තිබුනත් පාස්කු කොමිසමේ අවසන් වාර්තාව පිලිගන්නවා – රතන හිමියන්

Maimoonar

විදුලි බිල එකවර අඩු කළ නොහැකි බවත් ඒ සඳහා දිගුකාලීන සැලසුම් පවතින බවත් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත පවසයි

Maimoonar