29.5 C
Colombo
August 20, 2026
International NewsNews

ඉන්දියාවේ චීන ආයෝජන පහලට

ඉන්දියාවේ චීන සෘජු විදේශ ආයෝජන පහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

2017 වර්ෂයේ ඩොලර් බිලියන දශම තුනයි පහක් වූ එය 2019 වර්ෂය වන විට ඩොලර් බිලියන දශම එකයි හයක් දක්වා පහළ ගොස් තිබේ.

ලොව අනෙක් බොහෝ රටවල චීන සෘජු විදේශ ආයෝජන ඉහළ යන විට ඉන්දියාවේ එය අඩුවීම විශේෂ තත්වයක් බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ දෙරට අතර පවතින දේශපාලන උණුසුම සහ ඉන්දීය රජයේ ප්‍රතිපත්ති මෙම තත්වයට හේතුවන්නට ඇති බවයි.

මේ අතර ඉන්දියාව  චීන සෘජු ආයෝජන වෙනුවට කොරෝනා වෛරසය සමග මතුවූ උණුසුම් තත්වය හේතුවෙන් චීනයෙන්  ගිලිහුණු බටහිර රටවල සෘජු විදේශ  ආයෝජන තමන් වෙත ලබා ගැනීම සදහා විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව ද වාර්තා වේ.

Related posts

ණයට බස් රථ 500ක් ඉන්දියාවෙන්…

Maimoonar

ලුණු මිල 200 ඉක්මවා ඉහලට..

Maimoonar

අසාමාන්‍ය මිල ගණන් හේතුවෙන් කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු තාවකාලිකව අත්හිටුවයි

Maimoonar