29.5 C
Colombo
October 1, 2026
NewsSportsSports News

වනිදුගේ පන්දුවෙන් ශම්මි දැවී යයි.. වනිදුගෙන් ප‍්‍රකාශයක්..

තමන් මෙවර එක්දින ලෝක ශුරතා ක්‍රිකට් තරගාවලියට සහභාගි නොවූයේ දෙස් විදෙස් වෛද්‍යවරුන්ගේ හා ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ නිර්දේශ මත බව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග සඳහන් කරයි.

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය අවසානයේ තමන් යලි පුහුණුවීම් ආරම්භ කරන කළද එහිදී නැවත පාදයේ ආබාධය මතු වූ බව ද හෙතෙම පැවසීය.

එහිදී වෛද්‍ය මතය වූයේ ශල්‍යකර්මයක් කළත් නොකළත් ආබාධය සුව වීමට සති 12 ක කාලයක් යන බව යැයිද වනිදු කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ම නිල අන්තර්ජාල නාලිකාව සමග එක්වෙමිනි.

කෙසේ වෙතත් ක්‍රිකට් ආයතනයේ සබාපති ශම්මි සිල්වා ක්‍රිකට් ආයතනයේ දී පැවැත් මාධ්‍ය හමුවකදී කියා සිටියේ වනිදු හසරංග ලෝක කුසලාන එක්දින කණ්ඩායමට ඇතුළත් කිරීමට නොහැකි වූයේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ බලපෑම නිසා බවයි.

Related posts

සහන මල්ලක් දෙන පුනරුදයේ පලමු අයවැය හෙට..

Maimoonar

78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සුබපැතුම් පණිවිඩය

Maimoonar

ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව සියලූ පාර්ශවයන්ට විවෘතයි

Maimoonar