31.7 C
Colombo
September 10, 2026
Local NewsNews

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නම භාවිතා කරමින් රට පුරා මුදල් එකතු කළ සැකකරු අල්ලයි

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නම අවභාවිතා කරමින් රට පුරා ගොස් මුදල් එකතු කළ තවත් පුද්ගලයෙකු ජනතාවගේ අවධානය හේතුවෙන් පොලිස් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා.

අදාළ පුද්ගලයා ගයාන් චානක පෙරේරා නැමැති මහනුවර ප්‍රදේශයේ අයෙක්.

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කළමනාකාරීත්වය පෙන්වා දෙන්නේ සිය නම භාවිතා කරමින් ලංකාවේ කිසිඳු ප්‍රදේශයක මුදල් එකතු කිරීම්, අත්පත්‍රිකා බෙදීම්, සම්මාදම් එකතු කිරීම් සිදු නොකරන බවයි.

විවිධ අවස්ථාවලදී විවිධ පුද්ගලයින් නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නම භාවිතා කරමින් වෙළඳසැල්වලින් භාණ්ඩ මිලදී ගැනීම් ද සිදු කර ඇති බැවින් එවැනි අවස්ථාවලදී සිය කළමණාකාරීත්වය දැනුවත් කරන ලෙසයි දැනුම් දෙන්නේ. ඒ සඳහා 081 207 90 88 හෝ 011 73 73 73 0 යන අංක ඔස්සේ දැනුම් දිය හැකියි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ආර්ථික වර්ධනය -8.2%යි.. ඒත් බිලියන 915ක් බදු එකතු කරන්න වෙනවා..

Maimoonar

ඩයස්‌පෝරා භික්ෂූන් පිරිසක් ‘13’ බලාත්මක කරන්න ‘හිමාලයා’ ව්‍යාපෘතියේ..

Maimoonar

අපි කියන විදිහට අයවැය හැදුවොත් මීළග වාරිකය දෙනවා..- IMF

Maimoonar

118 comments

Comments are closed.