28.5 C
Colombo
August 11, 2026
Local NewsNews

ෆොන්සේකා අරගල හමුවක් අමතයි.. අරගලකරුවන් වේදිකාව වටලා විරෝධයේ…

කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැති උත්සවයකදී සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා මහතාට විරෝධතාවයක් එල්ල විය.

මෙම උත්සවය සංවිධානය කර තිබුණේ ‘නිරායුධ නිර්පාක්ෂික අරගලයේ ජනතා විප්ලවය’ නමිනි.

එහිදී ඊට සහභාගි වූ පිරිසක් කියා සිටියේ මෙම උත්සවය සඳහා කිසිදු දේශපාලන නියෝජිතයකුට සහභාගී වීමක් සම්බන්ධයෙන් තමන් දැනුවත් නැති බවයි.

කිසියම් හෝ දේශපාලන නියෝජනයක් සිදුවන්නේ නම් එය නිර්පාක්ෂික නොවන බවද ඔහු කියා සිටියේය.

සරත් ෆොන්සේකා මහතා උක්සව සභාව අමතා එම ස්ථානයෙන් පිටව යද්දී ද ඇතැම් පිරිසක් විරෝධය දැක්වූ අතර ඔහු නික්ම ගිය පසුද සංවිධායකයන් අතර උණුසුම් වාද විවාද ඇති විය.

Related posts

හදිසි නීතිය දේශපාලන මර්දනයට නොවේ: සමාජ මාධ්‍ය ඔස්සේ විවේචනය කිරීමේ අයිතිය ජනතාවට තියෙනවා – ඇමැති ආනන්ද විජේපාල

Maimoonar

වී ඇටයකින් 30%ක් ඩොලර්…- චමල්

Maimoonar

සාමාන්‍ය කටයුතු ආරම්භ කළ ද කොරෝනා වෛරසය පාලනය අඛණ්ඩව ක්‍රියාත්මකයි

Maimoonar