29.5 C
Colombo
August 20, 2026
BusinessBusiness NewsNews

වැඩි මිලට සහල් අලෙවි කරන වෙළඳුන් සොයා අද සිට වැටලීම්

වැඩි මිලට සහල් අලෙවි කරන වෙළඳුන් අත්අඩංගුවට ගැනීම සඳහා අද (24) සිට මෙහෙයුම් කි‍්‍රයාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

ඇතැම් වෙළඳුන්, රජය මගින් ගැසට් කර ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා සහල් අලෙවි කරන බවට ලද තොරතුරු අනුවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එම තීරණය ගෙන ඇත්තේ.

සම්බා සහ කීරි සම්බා සහල්, උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කරන බවට වැඩිම පැමිණිලි ප‍්‍රමාණයක් එම අධිකාරිය වෙත ලැබී තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කර ඇති ගැසට් නිවේදනයකට අනුව කැකුළු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 93 ක් වන අතර නාඩු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 96 ක්. සම්බා සහල් කිලෝවක් සඳහා රුපියල් 98 ක් ලෙසත් කී්රි සම්බා කිලෝවකට රුපියල්
120 ක් ලෙසත් උපරිම සිල්ලර මිල නියම කර තිබෙනවා.

ඉකුත් පෙරවාරි මාසයේදී ද ඇතැම් ව්‍යාපාරිකයින් සහල් වැඩි මිලට අලෙවි කරන තත්ත්වයක් දක්නට ලැබුණා. එම අවස්ථාවේදී ව්‍යාපාරිකයින් පැවසුවේ, ප‍්‍රමාණවත් සහල් තොග නොමැති බවයි. කෙසේ වෙතත්, උපරිම මිල ගණන් නියම කිරීමෙන් පසු මේ දක්වා කාලය තුළ සහල් ආනයනය කිිරීම සිදු නොකළත් වෙළඳපොලේ සහල් හිඟයක් දක්නට ලැබුණේ නැහැ.

ඒ අනුව ඇතැම් ව්‍යාපාරිකයින් සහල් තොග සඟවා තැබූ බව එමගින් පැහැදිලි වනවා.

ඉදිරියේදී ද කෘතිම සහල් හිඟයක් ඇති කර මිල ඉහළ දැමීමට ඇතැමුන් ගන්නා උත්සාහයට ඉඩ ලබා නොදෙන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ.

මේ අතර, ඉහළ යන පොල් මිල පාලනය කිරීම සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අවධානය යොමුව තිබෙනවා.

ඉදිරි දින කිහිපයේදී අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීම සම්බන්ධයෙන්, එම අධිකාරියේ ඉහළ පෙළේ නිලධාරීන් සාකච්ඡාවක් ද පවත්වා ඇති බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

රුසියානු තෙල් මිලදී ගැනීම නතර නොකළහොත් ඉන්දියාවට දැවැන්ත බදු පනවන බවට ට්‍රම්ප් අනතුරු අඟවයි

Maimoonar

ඖෂධ ගන්න සල්ලි නෑ.. අපට කීය කීය හරි දෙන්න.. සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් යදී…

Maimoonar

Corona : එක් දිනක වැඩිම සුව වීම අදයි.. 15ක් එකවර සුව වී ගෙදර යයි..

Maimoonar