28.9 C
Colombo
September 10, 2026
BusinessBusiness NewsNews

ඉන්දීය රුපියල් භාවිතයට පුද්ගලික බස් හිමියන් අනුමැතිය ඉල්ලයි…

පෞද්ගලික බස් රථ හිමියන්ට ඉන්දියාවෙන් අමතර කොටස් ගෙන්වීම සඳහා ඉන්දියානු රුපියල් භාවිතා කිරීමට අවසර දෙන්නේ නම් බස් ගාස්තු සැලකිය යුතු මට්ටමකින් අඩු කළ හැකි බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පෙන්වා දෙන්නේ දැනට ඉන්දියාවෙන් ගෙන්වන අමතර කොටස් සඳහා ඩොලර් මගින් මුදල් ගෙවීමට සිදුව ඇති නිසා අධික මිලක් ගෙවීමට සිදුව ඇති බවයි.

නමුත් ඉන්දීය රුපියල් සමග ගනුදෙනු කිරීමට රජය කටයුතු කරමින් සිටින නිසා එම අවස්ථාව පුද්ගලික බස්රථ සඳහා ද ලබාදෙන ලෙස ඉල්ලා සිටි නමුත් මෙතෙක් ඒ සඳහා මහ බැංකුවෙන් අවසන් පිළිතුරක් නොලැබුණු බවත් ඒ මහතා පැවසීය.

ඒ සදහා ඉඩ ලදොත් බස් රථ අමතර කොටස් විශාල අඩු මිලකට ලබාගත හැකි බැවින් එම සහනය මගීන්ට ද ලබාදීමට හැකි බවද ඔහු පැවසීය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Related posts

කමිටු නිර්දේශ එයි – 20ට අලුත් ගැසට්ටුවක් නැත – සංශෝධන ලෙස පාර්ලිමේන්තුවට

Maimoonar

ජනාධිපතිතුමා එතුමාගෙන් පටන් ගත්තා.. මම මගෙන් පටන් ගත්තා..

Maimoonar

ණයට ඉන්ධන තවත් දෙන්න බෑ.. අපට දුන් ව්‍යාපෘති ඉක්මන් කරන්න..- ඉන්දියාව දැනුම් දෙයි..

Maimoonar