Local NewsNews

ගුරුවරියන්ගේ සාරිය ගැන අවසන් තීන්දුව මෙන්න..

පාසල් පද්ධතිය රඳා පවතින්නේ ලක්ෂ 42ක් වූ දරුවන්ගේ විනය මත බවත්, පාසලේ දී දරුවා අනුගමනය කරන්නේ විදුහල්පති සහ ගුරුවරයා බවත් කිසිම හේතුවක් නිසා අධ්‍යාපන අමාත්‍යාංශය දැනට ගුරුවරුන්ට, දරුවන්ට නියමිත ඒ පාසල්වල අදින ඇඳුම්වල කිසිදු වෙනසක් සිදු නොකරන බවත් වෙනත් රටවල සහ බටහිර සංකල්ප මත අපේ සංස්කෘතිය වෙනස් නොකළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ විවේකානන්ද විද්‍යාලයේ පැවති නවෝත්පාදන ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා විශේෂයෙන් ම මහා සංඝරත්නය, හින්දු, මුස්ලිම් පූජකවරු, වැඩිහිටියන්, විද්වතුන්, ආදි ශිෂ්‍ය සංගම් සහ සංවර්ධන සමිති පුවත්පතක පළ වූ කථාවක් දැකලා මගෙන් ඉල්ලිම් කරනවා අපේ මේ සංස්කෘතික අනන්‍යතාවය විතරක් වෙනස් කරන්න එපා කියලා..

මම විශ්වාස කරනවා අපේ ගුරුවරු 99%ක් ම මේ ඇඳුම වෙනස් කිරිමට එකඟ නැ කියන එක. අපි පුරුදු ඇඳුම අපි අඳිමු. අපේ සංස්කෘතිය අපි තියා ගමු. අපේ දරුවෝ විනයානූකූලව පාසල තුළ හදමු. වෙන අයට ඕන කරන න්‍යාය පත්‍රයකට අනුව අපි වැඩ කළ යුතු වන්නේ නෑ, ඇතැම් පිරිස් සංස්කෘතිය වෙනස් කිරීමට උත්සාහ දැරුවත් අධ්‍යාපන අමාත්‍යාංශය ගුරුවරුන්ගේ ඇඳුම්වල කිසිදු වෙනසක් සිදු කරන්නේ නැති බව වැඩිදුරටත් පැවසී ය.

මාධ්‍ය ඒකකය
අධ්‍යාපන අමාත්‍යාංශය

Related posts

කොළඹ ප්‍රධාන පාසලක ගුරුවරියන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවයි: රහස් පොලිසියෙන් විශේෂ විමර්ශනයක්

Maimoonar

රජයට විරුද්ද විරෝධතාවකට ගියේ යයි සුගත් තිලකරත්න වටකර ගහන්න හදලා..

Maimoonar

රජය බලයට ඒමට තරුණයන් පාවිච්චි කර දැන් ඔවුන්ව පන්නා දමන බව නාමල් රාජපක්ෂ මහතා පවසයි

Maimoonar