31.7 C
Colombo
September 10, 2026
Local NewsNews

‘ටින් මාලු’ ගැටළුව විසඳේ

ශ‍්‍රී ලංකාවට ආනයනය කෙරෙන ටින් මාලූ ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය විසින් ප‍්‍රමිතිය තහවුරු කිරීමෙන් පසු වරායෙන් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා.

ආනයනික ටින් මාලූ  වරායෙන් නිදහස් කරගැනීම සඳහා මීට පෙර ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ සහතිකය මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ද අත්‍යවශ්‍යව තිබුණා.⁣

එම ක‍්‍රියාවලිය හේතුවෙන් ටින් මාලූ ආනයනකරුවන් දැඩි ලෙස අපහසුතාවයට පත්වූ බවයි නෙත් නිවුස් මීට පෙර අනාවරණ කළේ.

කෙසේවෙතත් ටින් මාලූ ආනයනකරුවන් මුහුණ පාන ගැටලූ සම්බන්ධයෙන් ඊයේ (18) පැවති සාකච්ඡාවකදී මෙම ක‍්‍රමවේදය ක‍්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

ආනයනික ටින් මාලූ වරායෙන් නිදහස් කිරීමේදී ඒවා ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනයේ අධීක්‍ෂණයට ලක්වන බැවින් නැවත සෞඛ්‍ය අමාත්‍යාංශයද එහි අධීක්‍ෂණයන් සිදු කිරීම අවශ්‍ය නොවන බව ඉකුත්දා පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර තිබුණා. 

(under the courtesy of nethnews.lk news web)

Related posts

නීති හැදිය යුත්තේ පරිසරය ආරක්ෂා කිරීමට පමණක් නොව මිනිසුන් ජීවත් කරවීමද අරමුණු කරගෙනයි..- ජනාධිපති

Maimoonar

නව ත්‍රස්ත විරෝධී නීතියක් සකස් කිරීමට කමිටුව රැස්වෙයි

Maimoonar

මාර්තු වන විට රට පංච මහා අර්බුදයකට….

Maimoonar