Local NewsNews

විශ්‍රාමිකයින්ට දුම්රිය බලපත් ලබා ගැනීමේ විශේෂ ක්‍රමවේදයක් හෙට සිට

විශ්‍රාමිකයින්ට තම ජාතික හැඳුනුම්පත සෘජුවම දුම්රිය ස්ථානය වෙත ඉදිරිපත් කරමින් නිදහස් දුම්රිය ප්‍රවේශපත්‍රයක් ලබා ගැනීමේ ක්‍රමවේදය හෙට (19) සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා.

ප්‍රවාහන සේවා කළමනාකරණ , විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් කොටුව දුම්රිය ස්ථානයෙන් මෙය ආරම්භ කිරීමට නියමිතයි.

ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, සහ මොබිටෙල් ආයතනය ඒකාබද්ධව මෙය ක්‍රියාත්මක කෙරේ.

විශ්‍රාමිකයින්ට  නිදහස් දුම්රිය බලපත්‍ර  නිකුත් කිරීමේ පෙර පැවැති සාම්ප්‍රදායික ක්‍රමවේදය වෙනස් කරමින් 2016 හඳුන්වා දුන් මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් නිකුත් කිරීම ආරම්භ කිරීමේ තවත් පියවරක් වශයෙන් මෙය හඳුන්වා දී ඇත.

(under the courtesy of nethnews.lk news web)

Related posts

හේෂා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කෙරේ…

Maimoonar

මම ඒ ගැන මතක් කර­න­වා­ටත් අකැ­මැ­තියි මුළු ඇඟම හිරි වැටෙ­නවා ප්‍රවීණ රංගන ශිල්පී ක්ලීටස් මෙන්ඩිස්

Maimoonar

අයවැයේ ආදායම් උපයන්නේ ගෙන්වන වාහනවලට බදු ගහලා…- මුදල් අමාත්‍යංශ ලේකම්

Maimoonar

2 comments

Comments are closed.