26.7 C
Colombo
October 2, 2026
NewsPolitical

ජනාධිපතිගේ වාහනය ඩොලර් මිලියන දෙකයි.. අපි ආවම එම වාහන විකුණා රටට අවශ්‍ය ඩොලර් හොයාගන්නවා..- අනුර

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිතා කරන වාහනය අඩුම තරමින් ඩොලර් මිලියන දෙකක් (රුපියල් මිලියන 720ක්/රුපියල් කෝටි 72ක්) ඉක්මවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

එතරම් වටිනාකම් සහිත අඩුම තරමින් ඩොලර් මිලියනයක වටිනාකම ඉක්මවන වාහන ගණනාවක් අග්‍රාමාත්‍යවරයා අමාත්‍යවරුන් සහ විපක්ෂ නායකවරයා සතුව ඇතැයි ද හෙතෙම පැවසීය.

තම රජයක් යටතේ මේ වාහන සියල්ල ලංකාවෙන්දේ විදේශයන්ට විකුණා ශ්‍රී ලංකාවට ඩොලර් ගෙන ඒමට කටයුතු කරන බව ද හෙතෙම කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹ හයිඩ් පිටියේ දී පවත්වන ලද ජාතික භික්ෂු පෙරමුණේ සම්මේලනය අමතමිනි.

මන්ත‍්‍රීවරයාගේ මෙම ප‍්‍රකාශයට සමාජ ජාලවල පලවූ ප‍්‍රතිචාරයක දැක්වුනේ මන්ත‍්‍රීවරුන් 225ම ඩොලර් මිලියන 2 බැගින් වටිනා වාහන තිබුනද ඒ සියල්ල විකුණා මසකට අවශ්‍ය ඉන්ධන ගෙන ආ නොහැකි බවයි.

Related posts

‘No Deal Gama’ පිහිටුවයි… රනිල්ට යන්නැයි අරලිය මැදුර ඉදිරියේ අට්ටාල ගසාගෙන විරෝධතා..

Maimoonar

ජනාධිපති ආර්යාව පිළිබඳව රාජාංගනයේ සද්ධාරතන හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්

Maimoonar

පැවති පාර්ලිමේන්තුව කැදවීමට මං කැමති නෑ.. ජනතාවත් කැමති නෑ..- සුජීව

Maimoonar

81 comments

Comments are closed.