27.2 C
Colombo
October 8, 2026
NewsPolitical

වාසු-විමල්-උදය ආණ්ඩුවට එරෙහිව සාක්‍ෂි දෙයි.. වෙනම නීතීඥයෙක් සමග ශ්‍රේෂ්ඨාධිකරණයේ..

යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට ලබා දීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේ දී ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල ඇමතිවරුන් වෙනුවෙන් වෙනම පෞද්ගලික නීතිඥවරයෙක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන ඇමතිවරුන් සඳහා ඒ අනුව වෙනම නීතීඥයෙක් පෙනී සිටිනු ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් පසුගියදා රැස්ව කළ සාකච්ඡාවකින් අනතුරුවයි.

අමාත්‍ය මණ්ඩලයට එරෙහි නඩු පැවරීමේදී නීතිපතිවරයා පෙනී සිටීම සාමාන්‍ය ක්‍රමය වුවද අමාත්‍යවරුන් පිරිසක් වෙනුවෙන් වෙනත් නීතිඥයකු ඉදිරිපත් කරන පළමු අවස්ථාව මෙයයි.

ආණ්ඩුව මෙම ගිවිසුම සම්බන්ධයෙන් දරන මතයට වඩා වෙනස් මතයක් මෙම ඇමතිවරුන් දැරීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් පහක් ඉදිරිපත් වී ඇති අතර ඉන් ඉල්ලා ඇත්තේ යුගදනවි බලාගාරය කොටස් ඇමරිකාවට පැවරීම හා ගෑස් ඒකාධිකාරය එම සමාගමට පැවරීමට ගෙන ඇති තීරණය බල රහිත කරමින් නියෝගයක් නිකුත් කරන ලෙසයි.

Related posts

ත‍්‍රස්ත මර්ධනය අධිවේගී වෙයි..අති නවීන හමුදා බුදධි අංශයක් පිහිටුවයි..

Maimoonar

තවුහීද් ජමාත් සාමාජිකයන් දෙදෙනෙකු තවදුරටත් රඳවා ගැනීමට අධිකරණයෙන් නියෝග

Maimoonar

ගණේමුල්ලේ සංජීව ඝාතනය ගැන විනිසුරුවරියගෙනුත් ප‍්‍රශ්ණ කරන්න යයි..

Maimoonar

664 comments

Comments are closed.