30.4 C
Colombo
October 8, 2026
Local NewsNews

මුදල් විශුද්ධිකරණ චෝදනා මත චමිත්‍රි රඹුක්වැල්ල මහත්මිය අත්අඩංගුවට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ වැඩිමහල් දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ රුපියල් මිලියන 300ක මුදල් විශුද්ධිකරණ චෝදනාවක් සම්බන්ධයෙන් දැනට පවතින විමර්ශනයකට අදාළව බව වාර්තා වේ.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර ඇති මෙම චෝදනා සම්බන්ධයෙන් ඇය මීට පෙර පසුගිය වසරේ ජුනි මාසයේදී ද අත්අඩංගුවට ගනු ලැබූ අතර, පසුව අධිකරණය මගින් ඇප මත මුදා හැර සිටියාය. කෙසේ වෙතත්, අදාළ විමර්ශන කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වන පසුබිමක අල්ලස් කොමිසම විසින් මෙම පියවර ගෙන ඇත.

Related posts

රනිල් ධුරයෙන් ඉවතට..? සබ්රි යලිත් මුදල් ඇමති..?

Maimoonar

මැතිවරණයට මුදල් දුන්නොත් යලිත් තෙල් පෝලිම්.. රජයේ පඩි ගෙවීම අවුලක..

Maimoonar

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 200 ඉක්මවයි

Maimoonar