28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

සහල් ඇටයක්වත් ආනයනය කරන්නැත්තේ ඊළග කන්නයේ සිටයි..

ඊළඟ කන්නය වන විට මෙරට ගොවියාගේ බලාපොරොත්තු අනිවාර්යෙන්ම ඉටු කරන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.

සහල් විදේශයන්ගෙන් ආනයනයට තමන් අදටද විරුද්ධතාවය පළ කරන බවද ඔහු කියා සිටී.

මෙම ගැටළු නිරාකරණයට ආණ්ඩුවක් ලෙස බොහෝ උත්සාහ ගත් බවද පැවසූ ඔහු ආණ්ඩුව බලයට පත් වන විට රජයේ ගබඩාවල වී ඇටයක්වත් නොතිබූ බවද කියා සිටී.

මහා පරිමාණ මෝල් හිමියන් සමග සාකච්ඡා වට කීපයක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්ද පැවැත්වුණු බව පැවසූ ඔහු ඉන් ද විසඳුමක් නොලැබුණු නිසා එම තත්ත්වයන් පාලනය කිරීම සඳහාද ක්‍රියාමාර්ග ගත යුතුව තිබූ බවද හෙතෙම පෙන්වා දෙයි.

ඊළඟ කන්නයේ සිට සහල් ඇටයක්වත් පිටරටින් ගෙන්වීමට අවශ්‍ය නොවනු ඇති බවද පැවසූ සංචාරක කර්මාන්තයට අදාළ සහල් වර්ග පමණක් ආනයනය කිරීමට සිදුවනු ඇති බවද කියා සිටියේය.

පසුගිය කාලවලදී සහල් පිටරටින් ගෙන්වීම හේතුවෙන් රුපියල් බිලියන 15ක් ඉක්මවූ මුදලක් රටට පාඩු කර ඇති බවත් ඒ වෙනුවෙන් විශේෂ පරීක්ෂණ ආරම්භ කරන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියි.

මෙය මහ බැංකු වංචාවටත් එහා ගිය වංචාවක්වත් මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බවත් ඉදිරියේදී පරීක්ෂණ ක්‍රියාත්මක වනු ඇති බවත් හෙතෙම වැඩු දුරතේ පැවසුවේය.

Related posts

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය හරහා ජාතිවාදය පැතිරවීමේ අවදානමක් ඇති බවට උවිඳු කුරුකුළසූරියගෙන් විවේචනයක්

Maimoonar

නව ආයෝජන කැදවා ශ්‍රී ලන්කන් ලාබ හොයන්නැයි ජනපති දන්වයි…

Maimoonar

ඩයස්‌පෝරා භික්ෂූන් පිරිසක් ‘13’ බලාත්මක කරන්න ‘හිමාලයා’ ව්‍යාපෘතියේ..

Maimoonar