27.2 C
Colombo
August 20, 2026
Local NewsNews

අපට වාහන ඕනෑ.. සම්මත කරගන්න යෝජනාවක් පාර්ලිමේන්තුවට…

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයට තීරුබදු සහන බලපත්‍ර ලබාදීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානමක් පවතී.

ආණ්ඩු පක්ෂය විසින් මෙම යෝජනාව එළඹෙන දින කිහිපයේදී ඉදිරිපත් කරනු ඇති බවද වාර්තාවේ.

මන්ත්‍රීවරුන් 117 දෙනෙකුගේ අත්සන් සහිතව කතානායකවරයා වෙතද මෑතක ලිපියක් යොමු කරමින්ද සඳහන් කර තිබුණේ පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්‍රීවරුන් සඳහා වාහන බලපත්‍ර ලබාදීමට කටයුතු කරන ලෙසයි.

නමුත් කතානායකවරයා එම ඉල්ලීම ජනාධිපතිවරයා ඇති යොමු කර තිබුනේ මේ පිළිබඳව පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදීද සාකච්ඡා කිරීමෙන් පසුවයි.

කෙසේ වෙතත් අවසානයේ තීරණය වී ඇත්තේ ඒ සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන යෝජනාවක් සම්මත කරගැනීමටයි.

Related posts

” මම නීතිගරුක පුද්ගලයෙක්.. ජාතිවාදියෙක් නොවෙයි”: හම්බන්තොට වරාය බදු දීමත් වැරදියි – ජනපති කියයි

Maimoonar

ඩීසල් මිල හැමදාම අඩු කරන්න බෑ.. බද්ද ඉවත් කරන්නත් බෑ..- ජනපති

Maimoonar

ශ්‍රී ලංකා ආර්ථිකය යහමගට: මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වා ගනී

Maimoonar