26.7 C
Colombo
October 2, 2026
BusinessBusiness NewsNewsPolitical

බඩු මිල වැඩිවෙන්නේ ආණ්ඩුවේ වරදින් නොවේ.. ඉන්ධනවලිනුත් රජයට පාඩුයි..

භාණ්ඩ මිල වැඩිවීම හේතුවෙන් ජනතාව අපහසුතාවයකට පත්ව සිටින බව සත්‍යක් යැයි අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.

නමුත් ගෑස් කිරිපිටි තිරිඟු පිටි ආදී භාණ්ඩ වල මිල වී ඇත්තේ ආන්ඩුවේ වරදකින් නොව ඩොලරය ඉහල යාම නිසා බවද ඒ මහතා පැවසීය.

ලෝක වෙළෙඳ පොළේ එම භාණ්ඩ මිල වැඩි වූ විට සහනාධාර දී මිළ අඩු මට්ටමෙන් පවත්වාගෙන යාමට රටට මුල්‍යමය ශක්තියක් නැති බවද අමාත්‍යවරයා කියා සිටියි.

අදටද තෙල් සංස්ථාව ක්‍රියාත්මක වෙන්නේ පාඩුව රජය විසින් දරාගෙන සහනාධාරයක් ලබා දෙමින් බවද අමාත්‍යවරයා සදහන් කලේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

රටේ ආර්ථිකය කඩා වැටීම වැලැක්විය නොහැකියි…

Maimoonar

බ්‍රිතාන්‍යයෙන් කොටින්ට තල්ලුවක් – කොටි තහනම ඉවත් කරයි

Maimoonar

ආදායම් බදු අඩු කිරීමේ යෝජනා IMF වෙත.. බිලියන 25ක් අහිමියි.. පඩි වැඩි කිරීමෙන් බිලියන 160ක් අහිමියි..

Maimoonar

3 comments

Comments are closed.