29.5 C
Colombo
August 20, 2026
International NewsNews

ජනවාරි මැද සිට ඇෆ්ගනිස්තානයේ දරැණු ගැටුම් හටගැනීමෙි අනතුරක්

ජනවාරි මස 15 වනදායින් පසු ඇෆ්ගනිස්තානයේ දරැණු ගැටුම් හටගැනීමෙි ඉහළ අනතුරක්  පවතින බව වාර්තා වේ.

එරට දේශපාලඥයන් සහ ජාත්‍යන්තර ආරක්ෂක විශේෂඥයන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ජනවාරි මස 15වනදා දැනට ඇෆ්ගනිස්තානයේ සිටින ඇමරිකානු හමුදා භටයන් 4500 න් 2000 ක් පමණ ඉවත්කර ගැනීමත් සමග මෙම තත්වය ඇතිවිය හැකි බවයි.

ඒ සමගම මේ වනවිටත් පකිස්තානයේ ස්ථාපිත පුහුණු කදවුරැ රැසක් ආශ්‍රිතව රැදී සිටින තලේබාන් සාමාජිකයන් ඇෆ්ගනිස්තාන ආරක්ෂක අංශ වෙත ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක්  පවතින බවද එම වාර්තාවල දැක්වේ.

ඒ පිලිබද පකිස්තානය දෝෂ දර්ශනයට ලක්කර ඇති ඇෆ්ගනිස්තාන දේශපාලඥයන් වැඩිදුරටත් චෝදනා කරන්නේ පකිස්තානය දිගින් දිගටම තලේබාන් සංවිධානය යොදාගනිමින් තම රටේ අස්ථාවරත්වය ඇති කිරීමට කටයුතු කරන බවයි.

මේ අතර ඇෆ්ගනිස්තානය සහ තලේබාන් සංවිධානය අතර දෝහා මූලික කරගෙන අඛණ්ඩව සාම සාකච්ඡා පැවැත්වීමට නියමිතවුවද ඒවා සාර්ථකවීමට ඇති ඉඩකඩ ඉතා අවම බව විදෙස් විශ්ලේෂකයන්ගේ අදහසයි.

Related posts

රට පුරා ගෑස් පිපිරෙනවා.. රටම යලි මරණ බියෙන්..

Maimoonar

කන්දකාඩු කොරෝනා පොකුර 519 දක්වා ඉහළට

Maimoonar

කොරෝනාවෙන් මිය යන සියල්ලන් ආදාහනය කිරීම පමණයි.. ගැසට් පත‍්‍රය මෙන්න..

Maimoonar

7 comments

Comments are closed.